ඉබි ගමන ගැන කව්රුත් දන්නවා. ගමන බොහොම හෙමින්. වටපිටාවෙන් අනතුරක් වගේ දැනුනොත් වහාම නවතිනවා. ඒ විතරක් නොවේ. අත පය හතරම කටුව ඇතුලට ගන්නවා. බාහිර උපද්‍රවයක් නැහැ වගේ දැනුනොත් තමයි අත පය හතර හා හිස එලියට එන්නේ. නැවත ගමන අරඹන්නේ.
ඉබ්බා ගේ විතරක් නොවේ අපි කාගෙ ගමනත් ඒ වගේ කියලා හිතෙනවා. ප්‍රසිද්ධ තැන් වල ගැවසෙන්න කථා බහ කරන්න අපේ අදහස් ගැන වාද විවාද කරන්න හැම විටම අපි නිර්භීත නැහැ. සමහර වෙලාවට අතිශය පුද්ගලිකත්වයක සිර වෙලා නිහඬව ඉන්නවා දින ගණන් සති ගණන් සමහර විට එයිටත් වඩා කල්. ඒත් ඒ නිහඬ බව අවශ්‍යයයි. අපිවම නැවත බල ගැන්වෙන්න. වැරදුනා පැරදුනා කියල සැඟවිලා ඉන්න බැහැ. අපි නැවත ජව සම්පන්න වෙලා එලියට එන්න ඕනා. සෙමින් නමුත් ඉදිරියට යන්න ඕනා. ඒත් හැමදාම කාගෙවත් පසුපස යන්න හොඳ නැහැ. තමන්ගෙම ගමනක් තියෙන්න ඕනා. හැම දෙනාටම තියන සුවිශේෂී විභවයන් හඳුනා ගෙන ඒ අනුව යන ගමනක් හදා ගන්න ඕනා. තමාගේම ගමනාන්තයක් ඉලක්කයක් තියෙන්න ඕනා.