Friday, February 28, 2020

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
කුලය: Poaceae
ගණය: Oryza
විශේෂය: Oryza Sativa
ද්විපද නාමය: L. Oryza Sativa
ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ.[1] මේ බැව් වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග සැලැස්ම, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලිනි. මෙම වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරිත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද විය.[2] වී වල ප්‍රභේද හැඳින්වීම සඳහා අතීත මුතුන් මිත්තන් විසින් පාරම්පරික,ස්වදේශීය,පාරම්පරික වස්තුව යන නාමයන් භාවිතා කොට ඇත.
කාලයක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පුජ්‍යත්වයෙන් සලකනු ලබන අතර, මෙම ක්‍රියාවලියේ සත්‍යභාවය ඔප්පු කරන්නේ නිශ්පාදන ක්‍රමෝපායන් සහ නිශ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ශුද්ධවන්තකමයි.[3]
නමුත් 16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ලැබූ අතර නැවතත් එම අවධානය 20 වන ශත වර්ෂයේ දී වී ගොවිතැන කෙරෙහි විය. කෙසේ වුවත් ජනගහණය වර්ධනය වීමත් සමඟ, 1930 වර්ෂයේදී H ශ්‍රේණියේ වී වර්ග සමඟ අස්වැන්න වැඩි කර ගත හැකි රසායනික පොහොර භාවිතය හඳුන්වා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1950 වර්ෂයේදී වී අස්වැන්නේ සාමාන්‍ය මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 0.65 සිට මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 1.73 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid), අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය .[4]
1980 වසරේ පටන්, 90% ක ප්‍රමාණයක වගා බිම් වල semi-dwarf යන නමින් කියනු ලැබූ අලුතින් වැඩිදියුණු කරන ලද වී වර්ගයක් වගා කරනු ලැබුහ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ 95% වී නිෂ්පාදනය දෙමුහුන් ප්‍රභේදයි. මෙම දෙමුහුන් ප්‍රභේද වී නිෂ්පාදනය සඳහා රසායනික ද්‍රව්‍ය, අකාබනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යොදා ගනු ලබන්නේ අඩු මිලකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්ය. නමුත් වර්තමානයේ ගෝලීය ප්‍රවනතාවය අනුව කාබනික පොහොර යෙදු ආහාර භාවිතයේ ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක තුල ඇති අවධානමත් සහ යටත් විජිත යුගයට පෙර ජිවත් වූ මිනිසුන්ගේ කායශක්තිය හා දිර්ගායුෂ පිළිබඳ සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි අවධානය යොමු කොට ඇත.[5][6]


සුවඳැල්

මෙහි පරිවර්තක නාමයෙන් අදහස් වනුයේ සුවඳයි. රසැති සහ ප්‍රණීත සුදු වී වර්ගයකි.[7] මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මෙවා බෙහෙවින් උපකාරී වේ.
මෙම සහල් වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසුය. සුවඳැල් වී වල පෝෂ පදාර්ථ වලින් 90% ක් කාබොහයිඩේ‍්‍රට්ද, 7% ක් අසංස්කෘත ප්‍රෝටීන්ද, 0.7% ක් අසංස්කෘත මේදයද සහ 0.1% ක ප්‍රමාණයක අසංස්කෘත තන්තුද වේ.[8]
සුවඳැල් යනු පාරම්පරික වස්තුන්ගෙන් එකක් වන අතර මෙය ලංකාවේ දක්ෂිණ පහත බිම් ආශ්‍රිතව වගා කරනු ලබයි. මේ හේතුවෙන් මෙම වී වගාවන් සඳහා විශාල කාලයක් ගත වේ. අනෙකුත් වී වගාවන් මෙන් නොව අස්වැන්න නෙලීම සඳහා මාස 5-6 ක කාලයක් ගතවේ.

කළු හීනටි

ඖෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත තවද රතු කැකුළු සහල් වර්ගයක් ලෙසින් හඳුන්වන කළු හීනටි හාල් දිනපතා ආහාරයට සුදුසු වන අතර විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශිතය. කායික ශක්තිය වර්ධනය කරන අතර ආහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු බහුලව ඇත. දියවැඩියාව පාලනය කිරීමට සහ සර්ප විෂ නැසීම සඳහාද උපකාරී වේ. කළු හීනැටි සහල් වලින් පිසින ලද කැඳ කහ උණ රෝගීන් සඳහා ඖෂධයක් ලෙස සැලකේ.[9]

මා වී

රත් පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුත් කාබොහයිඩේ‍්‍රට් අඩු ප්‍රෝටීන් වලින් සහ තන්තු බහුල වී වර්ගයකි. අනෙකුත් පොදු වී වර්ග හා සසඳන විටදී මා වී 25% සිට 30% දක්වා අඩු Glycemic Index (GI) වලින් යුක්තය.මෙහි පෝෂ්‍යදායී කාබොහයිඩේ‍්‍රට් 84.5% ක් ද, ප්‍රෝටීන් 9.4% ක් ද, මේදය 3,6% ක් ද, තන්තු 1.1% ක් ද අඩංගුය. පෙර රැජිනියන් මෙම මා වී භාවිතයට වඩාත් ඇළුම් කල අතර, ඉතාමත් සිහින් හැඩති සිරුරක් පවත්වා ගෙන යාමට මෙවා උපකාරී වී අැත. මෙවා තුලින් ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකි බවට විශ්වාසයක්ද ඔවුන් තුල පැවතීය. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය.
මේවා ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප්‍රතිකාරයකි. එමෙන්ම මේවා දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය. සිහින්ව කපා ගත් ලුණුකොල, ලීක්ස් මිශ්‍ර කර පිසූ බත් සමග පිළිගන්වනු ලබන දියලබු ව්‍යංජනය (පොලිකිරි, කුළුබඩු හා ඉතා සුළු ප්‍රමාණයක තෙල් එක්කර පිසිනු ලබන) සම්ප්‍රදායික කැම වර්ගයක් ලෙස හඳුන්වනු ලැබේ.
ආගමික උත්සව කටයුතු සඳහා මා වී යොදා ගනු ලබන අතර ඉන් එහි ඓතිහාසික වැදගත්කම පිළිබිඹු කරනු ලැබේ.දාගැබ් වල කොත තුල අඩංගු පුජනිය ධාතු කරඬුව තුල මා වී ද තැන්පත් කරනු ලබන බව ජනප්‍රවාද වල කියැවේ.[10]

පච්චපෙරුමල්

පච්චපෙරුමල් යන නාමයෙන් කියවෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වර්ණය යන්නයි. පාරම්පරික සිංහල සංස්කෘතිය දිව්‍යමය සහල් ලෙස සලකන්නේද මේවාය. මෙම සහල් බොහෝ විට දන් දීම සදහා යොදා ගනු ලැබිය. මේවා ගුණාත්මක රතු සහල් වර්ගයක් වන අතර පිසීමේදී ප්‍රංශයේ බර්ගන්ඩ් වයින් වල රතු පැහැය ගනු ලබයි. දිනපතා ආහාරය සඳහා ඉතා යෝග්‍ය වන මෙම සහල් පොෂ්‍යදයිත්වයෙන් සහ ප්‍රෝටීන් වලින් සපිරිය. [11]
දියවැඩියා හා හෘද්වාහිනි රෝගීන්ට පච්චපෙරුමල් පරිපුර්ණ අහාරයකි.

කුරුළු තුඩ

මේවා ප්‍රෝටීන් හා මේදයන්ගෙන් සපිරි මනෝහර හා පොෂ්‍යදායි රතු සහල් විශේෂයකි. ඉතා කදිම රසයකින් හෙබි මෙම සහල් පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ, පුරුෂ කාම ශක්තිය වැඩි කිරීමේ සහ බෙලහිනතාවය මඟහැරවීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ.[12]

රත්දැල්

මෙය සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්නන්ට සහනයක් ගෙන දෙනු ලබන ඉතා රසවත් රතු සහලකි. රත්දැල් වලින් සාදනු ලබන තලප සහ හොද්ද වයිරස් උණ රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ. මේවා මානසික ආතතිය නිසාවෙන් හට ගනු ලබන කුෂ්ඨ සඳහාද නිර්දේශිත වන අතර මුත්‍රාශ ආශ්‍රිත රෝගයන්ට සහනයක් ගෙන දීමේ හැකියාවක්ද මේවාට ඇත. එමෙන්ම මළපහ කටයුත්ත පහසුවෙන් සිදු කර ගැනීමටත් ශරීරය සිහිල්ව පවත්වා ගෙන යාමටත් මෙම සහල් උපකාරී වේ.
එළඟිතෙල් සමග පදම් කල, බඳින ලද හා කුඩු කරන ලද නිවුඩු රත්දැල් සහල් බඞ විරේකය සඳහා ඵලදායි ප්‍රතිකර්මයකි. මුත්‍රශ්‍ර ගල් සහ පිත්තාශ ගල් නිවාරණය කිරීමේ හැකියාවක් මෙම සහල් සතු බව ප්‍රත්‍යක්ෂ වී ඇත. රත්දැල් සහල්, සාරණ (Boerhavia diffusa), සීනි, වියළි මිදි සහ නැවුම් එළකිරි වලින් සාදන ලද තලප ක්ෂය රෝගීන් හා පෙනහළු රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ.[13]

මඩතවාලු

මෙවා තවත් සම්ප්‍රදායික රතු සහල් වර්ගයකි. අායුර්වේද ප්‍රතිකර්මයන් වලදි ප්‍රතිශක්තිකරන පද්ධතිය වඩා ශක්තිමත් කරවීම සඳහා බොහෝ සෙයින් මෙම සහල් යොදා ගනු ලබයි.[14]

හැටදා වී

රතු සහල් වර්ගයක් වන අතර දියවැඩියව පාලනය සඳහා උපකාරී වේ. ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියක් ලබා දේ. මෙමඟින් ජෛව විසංතුලනය නිසා අැතිවන රෝගයන්ට සහනයක් ලබා ගත හැකි බව කියවේ. එමෙන්ම කායික ශක්තිය වැඩි කර ගැනිමටද, හෘද්වාහිනි රෝග, ලේ වමනය යනාදි රෝගයන් සඳහාද බෙහෙවින් උපකාරි වනු අැත. [15]


ක්‍රියාකාරිත්වය පිලිබඳ වූ ගුණ

පහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල අඩංගු බව ඉහත කරුණු සනාථ කිරීම සඳහා කරන ලද බොහෝ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

1. අලෝහමය මුලද්‍රව්‍යන් (Selenium) - සහල් කෝප්පයක 27.3% ක දෛනික අගයක් වූ අලෝහමය මුල දව්‍ය වල ඇති වැදගත් සාධකයක් වන ඛනිජ වලින් සමහර පිළිකා සෛල, හෘද රෝග, දැවිල්ල අැතිකරන සාධකයන්, රක්තවාතාකාර, සන්ධි ඉදිමීම යනාදීය අඩු කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බව දැන ගැනීමට ලැබේ. Brazil Nuts, Sunflower Seed, කෙලවල්ලා, halibut (මත්ස්‍ය වර්ගයක්), සාඩින්, flounder (මත්ස්‍ය වර්ගයක්), salmon (සැමන් මාලු වර්ගයක්) , මස් (ගවමස්, පීකුදු, බැටළු පැටියන්ගේ මස්, ඌරුමස්), තිරිඟු ඇට, බාර්ලි, oats (ධාන්‍ය වර්ගයක්) අලෝහමය මුලද්‍රව්‍යන් වලින් හෙබි අාහාර සඳහා උදාහරණ වේ.[16]
2. මැංගනීස් (Manganese) - සහල් කෝප්පයක වන 88.0 % ක මැංගනීස් ස්නායු සහ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉවහල් වේ. එන්සයිම 300 කට අධික ප්‍රමාණයකට සහසාධකයක් වශයෙන් ක්‍රියා කරනු ලබන අතර ශරීරයේ ග්ලුකෝස් සහ ඉන්සියුලින් ශ්‍රාවය නිපදවන එන්සයිම සඳහා උපකාරී වේ. මැංගනීස් බහුලව අඩංගු අනෙකුත් අාහාර වන්නේ කොකෝවා කුඩු, දුඔුරු චොකලට්, තල ඇට, තල තෙල් සහ බෙල්ලන් වර්ග වේ.[17]
3. ස්වභාවිකව නිපදවෙන තෙල් (Naturally Occurring Oils) - මෙම හෘදයට හිතකර තෙල් වලින් LDL කොලෙස්ටරෝල් අඩු කරයි. මිට සමාන පෝෂ්‍ය ගුණය ඇති අාහාර වර්ග වනුයේ ඉරිගු, ඔලිව්, අලි ගැට පේර සහ පොල්ය.[18]
4. ශාක රසායනයන් (phytochemicals) - අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇති පරිදි සතියකට සය වතාවක් ශාක රසායනයන් ප්‍රයෝජනයට ගැනීමෙන් ධමනි වල සිරවිම් අඩු කරන අතර හෘද රෝග වලට කාරක වන හයිකොලේස්ටරෝල් අඩු කිරීමේ ප්‍රවනතාවයක්ද ඇත. එයට හේතුව වන්නේ රෝග නාශක ශාක රසායනයන් අඩංගු වන හෙයිනි. මේ හා සමාන පෝෂ්‍ය ගුණය අඩංගු අාහාර වන්නේ ඕට්, බාර්ලි, ක්විනොන්, තිරිඟු, රයි සහ ඉරිඟුය.[19]
5. ඔක්සිහාරක (Antioxidant) - ඔක්සිහාරක ගුණය අඩංගු අාහාර වනුයේ බ්ලුබෙරි සහ ග්‍රීන් තේ පමණක් නොවේ. කාර්මික තාක්ෂණික ආයතනය (ITI) (No.10715TG6) මගින් කරන ලද අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ පාරම්පරික සහල් වල ඉතාමත් උසස් ඔක්සිහාරක ගුණයන් අඩංගු වන බවයි.[20]
6. තන්තු (Fiber) - එක් සහල් කෝප්පයක අඩංගු දෛනික තන්තු අගය 14.0 % කි. එහි අැති තන්තුමය වටිනාකම නිසා සෞඛය සම්පන්න අාහාර ජීර්ණ ක්‍රියාවලියකට මග පාදන අතර ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ. එක් බත් කෝප්පයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව, කුඩා ප්‍රමාණයක් වෙනුවට වැඩි අහාර ප්‍රමාණයක් ගැනීමට පෙලඔවීමක්ද අැති වේ. මේ හා සමාන ආහාර වර්ග වනුයේ තිරිඟු, ප්ලැක්ස් ඇට වර්ග, ධාන්‍ය, බෝංචි, දිවුල්, අලිගැට පේර සහ ගස්ලබු වේ.[21] [22]
7. අඩු සීනි දර්ශකය (Low glycemic index) - සුදු සහල් සහ සුදු පාන් වල මෙන් නොව මෙම පාරම්පරික සහල් වල ගුණයක් වන්නේ ශරීරයේ සීනි (ග්ලුකෝස්) මට්ටම ස්ථාවරව සහ ක්‍රමානුකුලව පවත්වා ගැනීමට උපකාරී විමයි. යම් පුද්ගලයෙක් දුඔුරු සහල් සතියකට දෙවරක්වත් පරිභෝජනය කරන්නේ නම් දියවැඩියාව හට ගැනීමේ ප්‍රවනතාවය 2% සිට 11 % දක්වා අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බව නව පර්යේෂණයකින් පෙන්වා දී ඇත. මේ හා සමාන අාහාර වර්ග වනුයේ ග්‍රීන් පිස්, ස්වීට් කෝන්, කැරට්, බ්‍රොකොලි, කොන් ෆ්ලවර් හා තක්කාලිය.[23]
8. පොස්පරස් (Phosphorus) - සෛල ක්‍රියාකාරීත්වය, කැල්සියම් පාලනය, දත් සහ අස්ථි වල සවිමත් බාවය අැති කිරිමට සහ ATP (adenosine triphosphate) නිපද වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. පොස්පරස් උණතාවය නිසා අහාර අභිරුචිය, ලේ අඩුවීම, මස්පිඩු වේදනාව, අවිදිමත් අස්ථි නිර්මාණය, හිරිවැටීම සහ ප්‍රතිශක්ති උෟණතාවය යනාදිය අැති විය හැකිය. ඕට් චීස් හා තල පොසප්රස් අඩංගු අාහාරයන් වේ.[24]
9. යකඩ (Iron) - මෙය රුධිරයේ ඔක්සිජන් ගෙන යාමට උපකාරී වන හිමොග්ලොබින් හා මයෝග්ලොබින්, ශරීරයේ ප්‍රෝටීන් සහ එන්සයිම වලින් කොටසකි. පේශීන් වල වැදගත් සංරචකයකි යකඩ. සම්ප්‍රදායික සහල් සදහා අදේශකයන් ලෙස රතු මාංශ, බිත්තර කහ මදය, කොළ සහිත එළවළු වර්ග (නිවිති), වියළි මිදි සහ බෙල්ලන් යනාදිය ගත හැකිය.[25]
10. විටමින් බී 6 (Vitamin B6) - සෞඛය සම්පන්න ස්නායු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අැති කරයි. සාමාන්‍ය සෛලීය වර්ධනයක් සහ පැහැපත් සමක් අැති කරයි. ආහාර, ශක්තිය බවට හැරවීමට උපකාරී වේ. අනෙකුත් උදාහරණ නම් තිරිඟු ඇට, මාංශ වර්ග, බිත්තර, මාළු, බ්‍රිවස්ට් යීස්ට්, කැරට්, නිවිති, සුරියකාන්ත ඇට සහ වොල්නට්ස් වේ.[26]
11. ටි‍්‍රප්ටොපේන් (Tryptophan) - ප්‍රෝටීන් වල අඩංගු අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලයකි. කොටේජ් චීස්, මාංශ, රට කජු සහ තල ඇට වල මෙම අම්ලය ඉතා අනර්ඝ ලෙස අඩංගුය.[27]
12. කැලරි (Calories) - ශරීරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සධයකයකි. උදාහරණ ලෙස ක්ෂණික අාහාර, තෙල් ආහාර, රට කජු, සෝයා බෝංචි, ඔලිව්, ලාඩ් සහ සත්ව තෙල් හැඳින්විය හැක.
13. විටමින් බී 1 (Vitamin B1) - මෙම විටමිනය සෞඛය සම්පන්න භාවය සහ ස්නායු පද්ධතිය සඳහා උදව් වන අතර මොළයේ ක්‍රියාකාරීත්වය මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ මනා පැවැත්ම සඳහාද උපකාරී වේ. එමෙන්ම රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ රුධිරය නිපදවීම, ශරීර වර්ධනය , මාංශ පේශි ධ්වනිය, ජවය සහ ඉගෙනුමටද උපකාරී වේ. අල්සයිමා රෝගයෙන් ආරක්ෂා වීමටද උදව් වේ.එළවලු, කරල් වර්ග, ඇට වර්ග, ගෙඩි වර්ග, කුකුල් මස්, මාළු සහ පීකුදු අදේශකයන් ලෙස ගත හැකිය.
14. විටමින් බී 3 (Vitamin B3) - සෞඛය සම්පන්න වූ ස්නායු පද්ධතියක්, සමක්, ජීර්ණ පද්ධතියක් ලබගනිමටද හොඳ රුධිර සංසරණයක් හා ශක්තිය ලබා ගැනීමටද විටමින් බී 3 උදව් වේ. එමෙන්ම අහිතකර( LDL) එල්ඩ්එල් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර හිතකර එල්ඩ්එල් කොලෙස්ටරෝල් වර්ධනය කරයි.
15. Unsaponifiables - සන්ධි ඉදිමිමේ රොගීන් සඳහා ස්වභාවික වූ ප්‍රචලිත ප්‍රතිකාරයකි.අනෙකුත් උදාහරණ සෝයා බෝංචි සහ අලිගැට පේර වේ.[28]
16. ශාක පෝෂ්‍ය පදාර්ථ ප්‍රති ප්‍රදානය (phytonutrients) - අක්මාවේ ක්‍රියාකාරීත්වය සඳහා උපකාරී වේ. මේ හා සමාන පෝෂ්‍යදායි අනෙකුත් ආහාර වර්හ වනුයේ ඔොෂධිය ශාක, කුළුබඩු, බ්ලැක්බෙරි, ගෝවා, කැරට්, තක්කාලි, ගස්ලබු සහ කොමඩුය.[29]
17. ලිග්නන්ස් (lignans) - පිළිකා සෛල වැඩීම වලක්වා පිළිකා අවධානම සහ පිළිකා සෛල වර්ධන වේගයද, හෘද ආශ්‍රිත රෝග අවධානම මෙන්ම එල්ඩ්එල් (LDL) කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරයි. (අනෙකත් උදාහරණ නම් තල, වට්ටක්කා ඇට සහ රයි (rye) වේ.[30]
18. ඇමයිලෝස් සහ ඇමයිලොපෙක්ටින් (Amylose and Amylopectin content) - උසස් තන්තු මූලාශ්‍ර සමග අඩු සීනි දර්ශකයක් සපයනු ලැබේ. අධික ඇමයිලොස් සීනි දර්ශකය අඩු කරයි.ඇමයිලෝන අධික ආහාරයන් දියවැඩියාව වලකාලයි.[31] මහතන්ත්‍රයේ ඇතිවන පිළිකා සහ හෘද රෝග සඳහා ඇමයිලෝන අධික ආහාර වලින් ලැබෙන ප්‍රතිලාභ සඳහා පර්යේෂණ පවත්වාගෙන යනු ලැබේ. මෙතෙක් දුරට ඒ හා සමාන ඇමයිලොස් අඩංගු ආහාර වර්ග ලෙස හඳුවනු ලබන්නේ අර්තාපල් සහ බාර්ලි වලටය.
19. පොටෑසියම් (Potassium) - ශරීරයේ විද්‍යුත් විච්ජේද සමබරතාවය සහ දියර ස්වභාවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. පොටෑසියම් හීනතාවය නිසා විඩාව, උද්දීපනය, සහ අධි රුධිර පිඩනය අැති කරයි. වියළි අැප්රිකොට්, සුදු බෝංචි, කෙසෙල්, මාළු, යෝගට් ආදිය පොටෑසියම් බහුල ආහාර වේ.[32]
20. ගැමා ඔරිසනොල් (Gamma Oryzanol ) - රුධිර ප්‍රවාහකයේ ඇති සීනි දවාලීම සදහා උපකාරී වේ. එනිසා උදරයේ සහ උකුල ප්‍රදේශ වල මේදය තැන්පත් නොවේ. මේවාට එල්ඩ්එල් (LDL) කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේද, ඉහල මේද මට්ටම අඩු කිරීමේද, ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල දැමීමේද, සිහින් මාංශ පේෂීන් වර්ධනය කිරිමේද හැකියාවක් පවතී. මේ හා සමාන පෝෂ්‍යදායි අනෙකුත් ආහාර වනුයේ තිරිඟු පිටි සහ ශාක පැළෑටිය.[33]
21. පිෂ්ටය (amylum) - සම්ප්‍රදායික සහල් 54 g ක කෝප්පයක් තුල වැඩි ප්‍රමාණයක කාබොහයිඩේ‍්‍රට් අඩංගු වේ. එමෙන්ම සහල් යනු ශක්තිජනක හා පෝෂ්‍යදායි ආහාරයකි. අර්තාපල්, පාන්, ධාන්‍ය වර්ග සහ පැස්ටා කාබොහයිඩේ‍්‍රට් අඩංගු අාහාර සඳහා උදාහරණ වේ.[34]
22. ප්‍රොටින් (protein) - ශරීර ඇට, පේශීන්, කෝමලාස්ථි, සම හා රුධිරය සඳහා අවශ්‍ය වේ. එමෙන්ම මේවා එන්සයිම, හෝමෝන හා විටමින් නිශ්පාදනය කරීමේ මුලශ්‍රායකි. එනමුත්, එක් කිරි විදුරුවක අඩංගු 8 g ක ප්‍රෝටීන් ප්‍රමාණය සලකා බලා සමහරු සහල් වල ප්‍රෝටීන් අඩු බව නිශ්චය කරනු ලබනවා. නමුත් සම්ප්‍රදායික සහල් නිසැකයෙන්ම වඩා හොඳ තේරීමක් වේ. එමෙන්ම ප්‍රෝටීන් බහුල අාහාර ලෙස මස් , මාළු, කිරි, බිත්තර සහ ධාන්‍ය වර්ග සැලකිය හැකිය.[35]

අනාගතය

බෞද්ධ, හින්දු හා මුස්ලිම් ජනවර්ගයන් අතර සහල් වලට පුජනීය ස්ථානයක් හිමිවෙි. එමෙන්ම පොල්කිරිත් සමඟ පිසූ සහල් (කිරි බත් ) ප්‍රථමයෙන්ම භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව ලෙස වෙන් කරන අතර අදටත් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අයත් පුජනිය උත්සව සහ වැදගත් අවස්ථාවන් වලදී කිරිබත් සඳහා හිමි වනුයේ විශේෂ ස්ථානයකි. එසේම එළඟිතෙල් හෝ පිරිසිදු ගිතෙල් සමඟ පිසින ලද සහල් මොහොමඩ් නබි තුමාගේ ප්‍රියතම ආහාරය බව කියැවේ.
වර්තමානයේ සම්ප්‍රදායික සහල් අපනයනය කිරීමද සිදු වේ. එ් අනුව පුරොගාමින් උත්සාහ කරනු ලබන්නේ සමහර තේ නාමයන් සඳහා පවතින අන්තර්ජාතික පිළිගැනීම් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික සහල් සඳහාද ලබා ගැනිමටයි.[36]


ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර


  • http://www.sundaytimes.lk/111023/Plus/plus_16.html

  • http://www.agridept.gov.lk/index.php/en/crop-recommendations/808

  • http://www.lankanewspapers.com/news/2008/4/27275_space.html

  • http://www.priu.gov.lk/news_update/features/20020301value_of_rice.htm

  • http://www.agridept.gov.lk/index.php/en/institutes/136

  • http://www.lankanewspapers.com/news/2011/1/63722_space.html

  • http://www.sljol.info/index.php/JNSFSL/article/view/2040

  • http://slowfoodfoundation.com/ark/details/1459/suwandel-rice

  • http://environmentlanka.com/blog/2009/characterization-of-suwandal-and-heenati-rice-varieties-for-the-fragrance-gene-using-polymerase-chain-reaction-based-molecular-markers

  • http://www.agrimin.gov.lk/web/images/pdf/english_report%20.pdf

  • http://www.sundayobserver.lk/2008/10/19/spe02.asp

  • http://www.agri.ruh.ac.lk/tare/pdf/V_12%282%29/AG_12.2.1.pdf

  • http://www.agridept.gov.lk/images/stories/site/asda/ASDA2010/4_s.n.jayawardene.pdf

  • http://www.sundaytimes.lk/121202/plus/an-indigenous-path-to-better-health-22722.html

  • http://www.sundaytimes.lk/121202/plus/an-indigenous-path-to-better-health-22722.html

  • http://www.ncbi.nlm.nih.gov/pubmed/19154168

  • http://www.parentingweekly.com/pregnancy/breathingspace/vol12/pregnancy_health_fitness.asp

  • http://whatscookingamerica.net/Information/RiceBranOil.htm

  • http://www.phytochemicals.info/phytochemicals/ferulic-acid.php

  • http://www.cmb.ac.lk/annual-research-symposium/annual-research-symposium-science/antioxidant-properties-of-some-sri-lankan-traditional-red-rice-oryza-sativa-l

  • http://www.health.com/health/gallery/0,,20553010_9,00.html

  • http://www.stylecraze.com/articles/amazing-foods-that-are-rich-in-fibre/

  • http://www.cicagri.com/userfiles/file/CIC%20Agri%20Produce%20Red%20Basmathi%20290609.pdf

  • http://www.dietandfitnesstoday.com/phosphorus-in-rice.php

  • http://www.ncbi.nlm.nih.gov/pubmed/2401279

  • http://www.healthaliciousness.com/articles/foods-high-in-vitamin-B6.php

  • http://aminomics.com/aminoacids/tryptophan.htm

  • http://psasir.upm.edu.my/773/1/89-96.pdf

  • https://www.usarice.com/doclib/124/3836.pdf

  • http://www.haveariceday.com/all-about-rice/brown-rice

  • http://www.ncbi.nlm.nih.gov/pubmed/19175452

  • http://www.dietandfitnesstoday.com/potassium-in-brown-rice.php

  • http://www.prnewschannel.com/2013/02/19/eat-fat-to-get-skinny-dr-ozs-new-miracle-fat-defies-conventional-wisdom

  • http://www.ipcbee.com/vol1/19-B041.pdf

  • http://www.fatsecret.com/calories-nutrition/food/brown-rice/protein

  • Sunday, October 14, 2018

    ජන සම්මත සාහිත්‍යය.

    ලක් වැසියා පුවත් පතෙහි  කර්තෘ ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා 1928 අප්‍රේල් මස 04  පළ කරන ලද  අවසාන කතුවැකිය.
    ජන සම්මත සාහිත්‍යය.

    මා මෙම ලිපිය උපුටා ගත්තේ 2018 සැප්තැම්බර් මාසයේ 21 වැනි සිකුරාදා ලංකාදීප පුවත්පතේ දැන්වීම් අතිරේකයෙන්. 2018 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය අවස්ථාවේ මට එහි පිටපතක් ලැබුනා. එය  කියවීමෙන් පසු එය මුලින් 1928 දී පළ වූවක් වුවත් එය අදටත් කොපමණ ගැලපෙනවාද යන්න සිතූ නිසා මෙය කාහටත් කියවා බැලීම පිණිස මේ ලෙස පළ කරන්නට හිතුණා. කියවලාම බලන්න. ඔබටත් ගත හැකි යමක් එහි තිබෙනවා.



     ජන සම්මත ආණුඩුවක් ලැබී තිබෙන මෙකල  අපට ජනසම්මත සාහිත්‍යයක්ද අවශ්‍යවේ. රජුන් ට උවමනා හැටියට රටක් ආණ්ඩු කළ කාලයේ රට පාලනය සම්බන්ධයෙන් වැසියන්ගේ අදහස් නොවිචාරන ලදී. එබඳු අදහස් විචාරීමක් අවශ්‍ය යයිද කල්පනා නොකරන ලදී. එබඳු කාලයක සාහිත්‍ය නිර්මාණයද රජුන්ට සේවය කළ පණ්ඩිතයන් අතේම තිබෙන්නට ඇත. වන්දි භට්ටයන් මෙන් රාජ සභා වර්ණනා කළ ඇතැම් කවීහු මහාජනයාගේ ප්‍රශංසාව නොව රාජ සභාවේ ප්‍රශංසාවම අපේක්ෂා කළහ. අප්‍රබුද්ධයනැයි අවඥා කොට සාමාන්‍ය ජනයා ඉවතට තල්ලු  කොට දැම්මාහ. හිතුවක්කාර රජුන් මෙන් එකල ඇතැම් පණ්ඩිතයෝද මහාජනයා ගැන නොසලකා රජුන්ටත් ඇමතියන්ටත් රාජ සභාවේ පණ්ඩිතයන්ටත් උවමනා දේම සම්පාදනය කළහ. ඒ නිසා එකල පණ්ඩිතයන්ටත් කවීන්ටත්  ආධාර ලැබුණේ රජුන්ගෙනි. මහජනයාගෙන් නොවේ. නමුත් දැන් තත්වය ඊට වෙනස්ය. දැන් සාහිත්‍ය නිර්මාණයක් කළ හැකි ග්‍රන්ථ කර්තෘ සොයන්නේ මහාජනයා‍ගේ ප්‍රශංසාවමය. ආධාරයය. මෙකල යම් යම් ශාස්ත්‍රීය පරීක්ෂණ වලට රජුන්ගේ හෝ ඇමතියන්ගේ ආධාර වුවමනා නමුත් සාහිත්‍ය නිර්මාණයට නම් හේ අවශ්‍ය නොවේ. මක්නිසාද සාහිත්‍ය නිර්මාණය මහාජනයා උදෙසා මහාජනයා අතරින්ම ප්‍රාදූර්භූත වියයුතු බැවිනි.

    හිතුවක්කාර රජකු යටතේ වුවත් රටක් දියුණුවිය හැකිය. නමුත් එබඳු කාලයක ඇතිවන දියුණුව කෙතරම් උසස් වුවත් පොදුවේ රටවැසි කාටත් එකසේ යහපත සැලසෙන දියුණුවකැයි කියන්නට ලැබෙන්නේ නැත. රජුන්ට සේවය කළ පණ්ඩිතයන්ගේ සමයෙහි වුවත් රටක සාහිත්‍යයාගේ ඉතා උසස් දියුණුවක් ඇති විය හැක. නමුත් එසේ දියණුවූ සාහිත්‍යය පොදුවේ රට වැසියන්ට ප්‍රයෝජන ගත හැකි සර්ව සම්පූර්ණ සාහිත්‍යයක් වෙන්නට බැරිය. සාමාන්‍ය රට වැසියා පිළිබඳ විස්තර තොරතුරු ඇතුළත් පුරාණ ගද්‍ය පද්‍ය ග්‍රන්ථ සුලභ නොවෙත්. මෙය සාහිත්‍යය නිර්මාණය රජුන්ට සේවය කළ පණ්ඩිතයන්ටම අතහැර තිබීමෙන් සිදුවූ වරදකි. සාමාන්‍ය ජනයා අතර ව්‍යවහාර වූ මටසිළුටු මිහිරි සිංහල වචන රාශියක් අපට නැතිවී ගියේ ඇතැම් පණඩිතයන් ඉහත කී අදහස් ඇතුවම ග්‍රන්ථ නිෂ්පාදනය කළ බැවිනි. රජ ඇමතියන් කුමරියන් හා කුලීනයන් ටික දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුනට සිංහල ජාතියයි කිය නොහැක්කේය. සාමාන්‍ය ජනයාත් ඔවුනට එකතු කළ විට පමණක් සිංහල ජාතියයි කීම සාධාරණය. සාමාන්‍ය ජනයාගේ වාග් ව්‍යවහාරයේ පවත්නා වචන ඉවත දමා සකස් කර ගන්නා භාෂාව සිංහල භාෂාව නොවේ. සාමාන්‍ය ජනයාගේ අදහස් උදහස්, සිරිත් විරිත්, හැඟීම් වැලපීම්, සොම්නස් දොම්නස්, දුක සැප යනාදිය ඉවතලන ලද සාහිත්‍යයක් සිංහල සාහිත්‍යයක් වෙන්නට බැරිය.
    දැනට අපට උවමනා කර තිබෙන්නේ සිංහල භාෂාව උගත් කාටත් පොදුවේ ප්‍රයෝජන ගතහැකි ජනසම්මත සාහිත්‍යයකි. එබඳු සාහිත්‍යයක් ඇති වෙන්නට රජ ඇමතියන්ගේ හෝ ආණුඩුවේ ආධාර උවමනා යයි ඇතැම් කෙනෙක් කල්පනා කරත්. හේ වැරදි කල්පනාවකැයි සිතමු. ආණ්ඩුව කෙතරම් ආධාර කළත් සිංහල සාහිත්‍යය කාළෝචිත පරිදි දියුණු නොවේ. සිංහල සාහිත්‍යය මහජනයා විසින්ම දියුණු කර ගත යුත්තකි. තුර්කි හේවායනුත් ප්‍රංශ නිලධාරීහුත් දුනහොත් මුළුලෝකයම ජයගන්නෙමැයි ප්‍රංශයේ මහා රණසූරයෙක් වරක් ප්‍රකාශ කෙළේය.  සිංහල පොත් පත් කියවා තේරුම් ගතහැකි පොත් පත් කියවීමේ ආශා ඇති සිංහලයන් පණස්දහසකුත් ග්‍රන්ථ සම්පාදනයෙහි යෙදෙන්නට පුළුවන් උගතුන් විසිතිස් දෙනෙකුත් ඇත්නම් අවුරුදු පණහකින් මෙහා පෙර අපර දෙදිග අනික් ඕනෑම රටක සාහිත්‍යයට ළං කළ හැකි සාහිත්‍යයක් මෙරටෙහිත් ඇති කිරීම අපහසු වේ යයි නොසිතමු. සිංහල පොත්පත් සුලභ කිරීමට උවමනා කරන්නේ ආණ්ඩුවේ ආධාර නොවේ. ආශාවෙන්  පොත් පත් කියවන පිරිසකි. සිංහල භාෂාව ඉගැන්වීම සඳහා දැනට වඩා උනන්දුවෙන් වැඩ කළහොත් සිංහල පොත්පත් කියවන පිරිස ඉක්මණින් වැඩි කර ගන්නට පුළුවන් වේ. පසුගිය පත්‍රයකින් පෙන්වා දුන්නාක් මෙන් වහාම ගම්වැසියන්ට සිංහල භාෂාව ඉගැන්වීම සඳහා විශේෂ උනන්දුවකින් ක්‍රියාරම්භ කළ යුතුව තිබේ.

    දේශපාලනයෙහි කෝටිප්‍රාප්ත උගත් නීතිඥයා මෙන් ගම්බද කථිකයාද ජනසම්මත ආණ්ඩුව පවතින රටකට අවශ්‍ය පුද්ගලයෙකි. සාහිත්‍ය නිර්මාණයෙහි සමර්ථ කවිවරයාමෙන් කවිකොලකාරයාද සිංහල සාහිත්‍යයාගේ දියුණුවට අවශ්‍යය. කවිකොලකාරයා සාහිත්‍ය දියුණුවට මඟ හෙළිකරන්නෙකි.වැඩි උගත් කමක් නැත්තවුන් පොත් කියවන්නට පුරුදු කරවන්නේ කවිකොලකාරයා විසිනි. සිංහල භාෂාවේ දියුණුවට ඔහු කරන්නේ සංග්‍රහයකි. එහෙයින් ඔහුට ආධාර දිය යුතුය. අව්‍යක්තයන්ගේ එබඳු ග්‍රන්ථ වලින් සිංහල භාෂාවට කිසිම හානියක් සිදු නොවේ. මක්නිසාද ටික කලකින් එබඳු ග්‍රන්ථ අසම්භාවිතව මහාජනයා අතරින් නැතිවන බැවිනි.

    පොදුවේ මහා ජන මතය ප්‍රකාශ වීම හිතුවක්කාර රජවරුන්ට අනභිමතය. එහෙයින් ඔවුහු වධබන්ධන නියම කිරීමෙන් වැසියන්ගේ කටවල් බඳිත්. අව්‍යක්ත ග්‍රන්ථ කර්තෘන්ගේ පොත් ප්‍රකාශ වීම නොඉවසීමද රජුන්ගේ යථොක්ත ක්‍රියාව මෙන් වැරදිය. අව්‍යක්ත ග්‍රන්ථ කර්තෘන් නැතිකරන්නට  කටයුතු කිරීමෙන් සිදුවන්නේ සාහිත්‍යාභිවෘද්ධියට බාධාවකි. ඉස්සරකාලේ රාජ ගෞරවය ලැබුනේ රජුන්ට මෙහෙ කළ කුලීනයන්ට පමණකි. නමුත් දැන් එසේ නොවේ. කම්කරුවෙකුට වුවත් උගත් කමක් ශක්තියක් ඇත්නම් රටටත් ආණ්ඩුවටත් සේවය කිරීමෙන් මෙකල උසස් රාජ ගෞරවය ලැබිය හැක. ග්‍රන්ථ  කර්තෘවරයන්මෙන් ගෞරව ලැබීමද මෙකල එක්තරා පන්තියකට සීමා වූවක් නොවේ.උසස් ගුරුවරයකුගේ පා සෙවනෙහි ඉගෙන ගත් පණ්ඩිතයාට මෙන් එබඳු ඉගෙනීමක් නොලැබූ නමුත් ස්වොත්සහයෙන් උගත් ගම්වැසියාට වුවත් ග්‍රන්ථ කර්තෘවරයෙකුට හිමි ගෞරවය ලැබිය හැක.

    සිංහල භාෂාභිවෘද්ධිය සම්බන්දයෙන් පමණක් නොව තවත් පැත්තකින් බලන කලද සාමාන්‍ය ජනයාට ප්‍රයෝජන ගතහැකි ලිහිල් භාෂාවෙන් ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථ සුලභ කිරීම මෙකල ඉතා අවශ්‍ය බැව් වැටහේ. කුඩා සතකුගේ පවා දිවි තොර කිරීම මහත්වූ පාපයකැයි සලකන මිනිසුන් අතර මිනීමැරුම් ආදී භයානක අපරාධ වැඩිවීම මෙකල බොහෝදෙනෙකුට නොවිසඳිය හැකි ප්‍රශ්නයකි. ක්ෂණික කෝපය නිසා සිදුවන භයානක අපරාධ වැලැක්වීමට යෝජනා කරන ලද උපක්‍රම රාශියකි. සාමාන්‍ය ජනයාට ප්‍රයෝජන වන ලිහිල් භාෂාවෙන් ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථ සුලභ කිරීමද මෙකී අපරාධ අඩු කිරීම සඳහා යෙදිය යුතු අවශ්‍ය උපක්‍රමයක් මෙන් අපට වැටහේ. මනුෂ්‍යයන්ගේ අදහස් උදහස් හා හැඟීම් සකස් කිරීමෙන් විනීතභාවයට හැරවීමට කාව්‍යය, සංගීතය හා චිත්‍ර ශිල්පයටත් බලයක් ඇති බැව් බුද්ධිමතුන් විසින් පිළිගන්නා ලද්දකි. ශිල්ප ශාත්‍රාදියෙන් ක්ලේශයන්ගේ ප්‍රචණ්ඩභාවය අඩු කළ විට පමණක් සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත ධර්මානුශාසනා නමැති බීජ රෝපණයට සරු බිමක් වන්නේය. එබඳු සකස් කිරීමක් නැති මනුෂ්‍යයකුගේ සිත්හි ධර්මාවවාද තැන්පත් කිරීම මෙකල නම් ඉතා දුෂ්කර බැව්  කිය යුතුය. එබන්දන්ගේ සිත්වල ධර්මාවවාද ගැන්වීමට තැත් කිරීම යටිකුරුව තැබූ කළයෙහි වතුර වත්කොට රඳවන්නට උත්සාහ කිරීම මෙනි. ආගම ධර්මය පිළිබඳ උසස් පොත්පත් සුලභව තිබියදීත් එයින් සැලකිය යුතු ප්‍රතිඵලයක් ඇති නොවීමට හේතුව එහි යම්කිසි අඩුපාඩුවක් නොවේ. බීජ රෝපණයට බිමද සකස් කරන්නාක් මෙන් ප්‍රකෘති ගති ගුණ වල සැර අඩු කොට ධර්මාවවාදයට  මිනිසුන්ගේ සිත් සකස් කිරීමට අවශ්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සුලභ නොවීම පමණක් පාඩුවකි.

    ඉංග්‍රීසි භාෂාව උගත් අප රට සාමාන්‍ය ජනයා අතර ක්ෂනික කෝපයෙන් සිදුවන මිනීමැරම් ආදී අපරාධ අඩු බැව් කල්පනා කළ හැක. මීට හේතුව ඔවුන් සිංහල උගත් සාමාන්‍ය ජනයාට වඩා නුවණැති හෝ ආගමාලය ඇති කොටසක් වීම නොවේ. ඉංග්‍රීසි උගත් සාමාන්‍ය ජනයාගේ සිත් සකස්කෙරෙන ලිහිල් බසින් ලියන ලද කාලෝචිත සාහිත්‍ය ග්‍රන්ථ සුලභ වීම බැව් කල්පනා කළහැක. ඉංග්‍රීසි භාෂාව තරමක් දුර ඉගෙනගත් මනුෂ්‍යයාට පහසුවෙන්ම ලැබෙන ජනිත භාවය සිංහල පාලි සංස්කෘත යන භාෂා තුනම හොඳින් ඉගෙන නොගත්තෙකුට නොලැබියහැකිව තිබේ. ඊට හේතුව කුමක්ද? සාමාන්‍ය ග්‍රන්ථ සුලභ නොවීමයි. සිංහල පොත් පත් සම්බන්ධයෙන් දක්නා ලැබෙන මේ අඩුපාඩු පුරවන්නට තවමත් දක්නා ලැබෙන්නේ මඳ උනන්දුවකි.

    Thursday, August 16, 2018

    ගමන - 3

    මව් කුසේ ඉඳල එලියට ආවේ මාදම්පෙ, ඉරට්ටකුලමෙ ගෙදරකට. 

    1958 පෙබරවාරි මාසේ 11 වැනිදා රාත්‍රි 11.45 ට විතර. 

    තාත්තා ඒ වෙලාවෙ ඉඳල තියෙන්නෙ නාත්තනඩියෙ ලූර්දු පල්ලියෙ සන්ධ්‍යා මෙහෙයට ගිතිකා කණ්ඩායමේ වාදනයට සහභාගි වෙමින්. 

    පණිවිඩය අරං ගෙදර වැඩට හිටපු කොල්ලෙක් ව ඒ මහ රෑම පිටත් කරල තියෙන්නෙ අපේ ලොකු අම්ම වෙන්න ඇති මගේ හිතේ. උන්ද අන දුන්නොත් මොන සක්කරයද බල බල ඉන්නෙ.  

    දෙයියො තමයි දන්නෙ  ඒකා කොහොම ගියාද කියල. 

    ඒ කාලෙ දැන් වගේ ගමනාගමනය දියුණු නැහැ. සන්නිවේදනය දියුණුත් නැහැ. 

    කොහොමහරි පණිවිඩය අහල තාත්ත ත් රෑම ආවයි කියමුකො. 

    පහුවදා උදෙන්ම මෙන්න තාත්ත  ආයෙ පල්ලියෙ. මංගල්‍ය පූජාවට කන්තාරු කරන්නත් ඔනනෙ. එහෙම තමයි අපේ තාත්තගෙ හැටි. වැඩක් භාර ගත්තොත් ආයෙ මොන බාධාව ආවත් මග අරින්නෙ නැහැ. ගෙදර මොන ප්‍රශ්න තිබුනත් මුලින්ම රාජකාරිය. රාජකාරිය කිව්වට තාත්ත ඒව සැලකුවෙ දේවකාරියටත් ඉහලින්. මම හිතන්නෙ තාත්ත ඒ රාජකාරි, දේවකාරි සේරම පුදුම විධියට වින්ද කියලයි. අපේ මස් ලේ නහර වලටත් කිඳා බැස්සෙ ඒ ආරෙම තමයි.  අපි කව්රු උනත් මේ මොහොතෙ කරන වැඩට ආදරය කරන්න ඕනා. 

    මම මේව ලියන්න ගත්තේ ඉපදිලා දශක හයකට පස්සෙ. ලියන්න තරම් දෙයක් තියනව කියල හිතුණු හින්ද. සමාවෙන්න ඹ්න. මේ සටහන සංස්කරණයෙන් තොරයි. (unedited story).  මෙ සටහන මගෙ යහලුවා තව පින්තාරු කරල ගනීවි.

    තාත්ත ව දැකල සුවාමි ඇහැවිවලු '' පුතෙක්ද දුවෙක් ද බං'' කියල.පුතෙක් කීවම සුවාමි නමක් ලියල දුන්නලු '' ලූර්ඩ්ස් මේරියන් බර්නාඩ්'' කියල.ඊට පස්සෙ ඉතිං කී දෙනෙක් නම් මට නම් හැදුවද? 

    ගෙදරට සාන්ති. ආදරේට සාන්තිය. අයියල අක්කලට තරහ ගියාමත් සාන්තිය. චාටුවක් කරල රවට ගන්න ඕන උනාම සාන්ති මල්ලි. අම්මට සාන්තිනී.  තාත්තට හැමදාම සාන්ති පුතා. රෙජීමාමා, ඔස්ටින් අන්කල් එහෙම කථා කලේ ගාම්භීර විදියට ''ශාන්ති" කියල. නෑදෑ නංගිල මල්ලිල කිව්වෙි සාන්ති අයිය කියල. පහු කාලෙක ගුරුවරුන්ට ලූඩ්ස් , යහලුවන්ට ලූඩා. මේ  හැම ආමන්ත්‍රණයක් එක්කම මට දැනුනෙ පුදුම ආදරයක්. 

    ඒ ආදරය තමයි ලෝකය ගැන මා තුල මහා විශ්වාසයක් ගොඩ නැගුවේ.   

    ඉපදුන ගමන් පොඩි එකා ගැන මොනවා ලියන්නද? අක්ක නම් කියන්නෙ එයාට තාත්ත මාව පෙන්නපු වෙලාවෙ එයාට නම් පෙනුනෙ කලුම කලු ගුලියක් වගේලු.  මේ කලු කම පහුකාලෙක මට මහත් වාසි  ගෙනාව වගේම මහ අමිහිරි අවස්ථාවලුුත් මට  ගෙනාව.  නම් පටබඳින අය දැම්මෙ මාර නම්.

    දෙම...., ප........,  උ........,  හි........,     ......... තොර තොංචියක් නැතිව කියවගෙන යනවා.

    කාගෙ කාගෙ හරි ජාන උැරුම  කර ගෙන මේ ලා්ෙකෙට ආවා කියමු කො.  ඉතින් පරිසරය ලබා දීපු කාල අවකාශ වක්‍රය දිගේ අවුරුදු හැටක්  ආපු විධිය බලමු. මම දන්නවා මගේ  නෑ හිත මිතුරු කවුරුත් ආශාවෙන් බලාගෙන ඉන්නවා ඔය කථාව කියවන්න. 

     

    මේ බලු පැටිය බෘෘනා. අපේ ගෙදරට අාවේ අහම්බෙන්. වෙලාවකට හිතෙනව උන්ගෙ ජීවිතත් අපේ  වගේමයි කියල.  කව්දෝ පාර දාල ගිහින් කඩපිල් ගානෙ රස්තියාදු  වෙනකොට ගුණවතී අක්ක අපේ ගෙදරට ගෙනල්ල දුන්න.  දැන් ජාති  බේද  වර්ණ  බේද බලන්නෙ  නැතිව ඔය යහලුවෙකුත්  හොයා ගෙන  ඔය ඉන්නේ අපූරුවට.  යහලුවාගෙ නම බෙගී. (බෙගිමොත්)
    බලු පැටිය බෲනා ගැන තව විස්තර කරන්න හේතුවක් තියනවා. ගුණවතී අක්කා එයාව අපේ ගෙදරට අරං එනකොට එයා ගැන බලන්නත් දුකයි. අපරාදෙ මට ඒ වෙලාවෙ එයාගෙ ඡායාරූපයක් ගන්න බැරි උනා. අව්වට වැස්සට වගේම කුසගින්නේ හිඳීමෙන්  හිටියේ වෙව්ලමින්. ඇටකටු පෑදිලා. ක‍ෙඳිරි ගාගෙන හරිම බයාදු විදියටය් අපි දිහාව බැලුවෙ.
    අපේ ගෙදර ඉතින් මේ වගේ අයට අභය භූමියක්. ඒ වෙනකොට තව දෙන්නෙක් හිටිය. ඒ දෙන්නම බළල්ලු. මගේ බිරිඳත් පොඩිදුවත් ලහි ලහියේ ඌට අවශ්‍ය කරන කෑම, බෙහෙත්, නිදා ගන්න තැනක් මේ හැම දෙයක්ම සැපයීම ආරම්භ කළා.  මම මේ සේරම බලා ගෙන හිටියා.
    ඒ එක්කම සාකච්ඡා ආරම්භ උනා එයාට අපේ ගෙදර නවතින්න දෙනවද නැද්ද කියන එක ගැන. මට එක පාරටම හිතට ආවේ ඌ සරණාගතයෙක් කියන අදහස. මමත් මගේ කැමැත්ත දුන්න. (මම කැමැත්ත දුන්නත් නැතත් ඒවා දැන් තීරණය කරල ඉවරයි.)


    කාල බීල ඌ දිග  නින්දකට වැටුනා. ඒත් වරින් වර බය වෙලා කෑ ගහගෙන නැගිටිනවා. දොරක් ඇරෙන සද්දටෙත් බය වෙලා කෑ ගහනවා. ඒ බය ඇරෙන්න දින ගණනාවක් ගියා. දැන් එයාගේ මුහුන බලන කොට එයා ඉන්නෙ කොපමණ සතුටකින්ද කියල පෙනෙනවා.
    දැන් ගේ පුරාම දුවන හරිම ක්‍රියාශීලී බලු පැටියෙක්. ආදරයට කරුණාවට මොන තරම් දෙයක් කරන්න පුළුවනිද. කිසිම වියදමක් නැතිව අපට කාට වුනත් දෙන්න පුළුවන් දෙයක් නේද?


    දැන් ඉතින් මගේ කථාවට එමු.


    මගේ ළදරු වියත් ලමා වියත් ගෙවුනෙ ආදරය උතුරා යන නිවසක. අම්මා තාත්ත විතරක් නොවේ ලොකු තාත්ත, ලොකු අම්ම අයියල අක්ක නෑදෑ හිතවත්තු කවුරුත් ඒ සම්බන්දයෙන්  මට ණය නැහැ. ගතින් මනසින් වැඩෙන කොට මට ලොකුම පිටිවහලක් උනේ ඒ ආදරය සහ රැකවරණයයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයෙක්.

    අපි ඉපදෙන කොටම අපේ ජීවන රටාව ලියවිලා ඉවරයි.  බොහොම ටික දෙනෙක් තමා ඒ ලියවිල්ල නැතිනම් සැලැස්ම වෙනස් කර ගන්නේ.  ඒක තේරුම් ගන්න නම් ඉතිහාසය හදාරන්න ඕන. එක එක යුග වල එක එක ජීවිත මෝස්තර. (Life Style)වර්ණය ජාන වලින් ආවත් වර්ණ භේදය ජාන වලින් එන්නේ නැහැ. ඒක එන්නේ ඒ යුගයේ ජීවත් වූ මිනිසුන් ගෙන්. ආගම් බේද, ජාති බේද, පක්ෂ බේද, කුල බේද මේ සියල්ල ඒ වගේ. මම බිහි උනෙත් මේ සියලුම බේද හිතා මතාම ඇති කරපු කාලයක.

    මගේ මුතුන් මිත්තන්ටත් ඒවා ඒ විධියටම ලැබිල තිබුනා. එයාලවත් දන්නේ නැහැ එයාලට කොහොම ජාතියක් ආගමක් පක්ෂයක් කුලයක්  කොහොම ලැබුන ද කියලා. කවුරු හරි කිව්වොත් ජාතියක් නැහැ කියල ජාතියක් ජම්මයක් නැති උන් කියල දෝසෙකුත් වැටෙනවා. ආගමක් නැහැ කිව්වොත් ආගමක් ධර්මයක් නැති උන් කියල කොන් කරනවා.




    Friday, August 14, 2015

    ගමන -2

    ගමනක් යනකොට ඉතින් අම්බලමක් හම්බ වෙනවනන් හොඳයි. ගමන් මහන්සිය නිවාගෙන ආ මග ගැනත් හිතල ටිකක් විවේක අරගෙන යා යුතු මග ගැනත් නැවත  හිතල සැලැස්මක් එහෙමත් හදා ගන්න පුලූවනි. ඒක ඉතින් දිගු ගමනක් යනකොට හරි වැදගත්.
    අපේ ඉතිහාසය ගැන කල්පනා කරන එක හරි වැදගත්. අද අපි මුහුණ පාන  හැම ප‍්‍රශ්ණයකටම හේතුව තියෙන්නෙ අප පසුකර ආ අපේම ඉතිහාසය තුලයි. ඒත් අපි නැවත ඉතිහාසය තුල ජීවත් වන්න උත්සාහ කරන්න නරකයි. අපිට බැහැ ආයෙත් රාජාණ්ඩු හදා ගන්න.
    අපි කව්රුත් අද වනාන්තරයකින් යැපෙමින් වනාන්තරයක් තුල ජීවත් වන්නේ නැහැ. අද අපි කව්රුත් ජීවත් වෙන්නෙ මහ විශාල වෙළඳ පොලක. අපේ ජීවිත අවශ්‍යතා කෝකත් අපි ඒ වෙළඳ පොලෙන් මිලට ගත යුතුයි. ඒ නිසා අපිත් මොනවා හෝ විකුණා මුදල් උපයා ගත යුතුයි. විකුණන්න දෙයක් නොමැති නම් මානසික ශ‍්‍රමය හෝ කායික ශ‍්‍රමය විකිණිය යුතුයි. දැනුම, බුද්ධිය, ශරීරය මේ කෝකත් වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා ඉවරයි. නොමිලේ හම්බ වෙන දෙයක් නැහැ. අපිට නොමිලේ හම්බ උනත් කවුරුන් හරි එයට ගෙවිය යුතුයි.  වක‍්‍රව හෝ ඍජුව. සමහර ශිල්පීන් අභ්‍යාවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල රැඳෙමින් සොයා බලන්නෙත් විකිණිය හැකි දේවල්ම තමයි. ස්වයංක‍්‍රීය රොබෝ යානා සෞර ග‍්‍රහ මණ්ඩලය ඉක්මවා ගමන් කරන්නෙත් වෙළඳ පොලට අඩුම වශයෙන් ප‍්‍රවෘත්තියක් වත් සොයා ගන්නයි. ඒ ඡුායාරූප පවා වෙළඳ භාණ්ඩ තමයි.
    අති දක්ෂ හෞතික විද්‍යාඥයෙක් හෝ රසායන විද්‍යාඥයෙක් ජීවිත කාලයම ගත කොට සොයා ගන්නා අලූත් විද්‍යාත්මක සංකල්පයත් වෙළඳ පොලට සැපයිය හැකි මිලක් ඇති දෙයක් තමයි. දරුණු පාතාල සාමාජිකයෙක් දුෂ්ඨ දේශපාලකයෙකු වෙනුවෙන් විරුද්ධවාදියෙකු මරා දමන්න සපයන සේවාවත් ඒ වගේම වෙළඳ භාණ්ඩයක්. අපේ සියලූම සන්නිවේදන අවශ්‍යතාවයන් වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා ඉවරයි. අපේ ගමන් අවශ්‍යතා වෙනුවෙන් අපි ඛනිජ තෙල් කියන බල ශක්ති මූලාශ‍්‍රයට කොපමන මිලක් ගෙවනවාද? විකල්ප බල ශක්ති හොයා ගන්න අපි කොපමණ වියදම් කරනවා ද?
    මානසික ආතතිය, කාංසිය පාලූව මග හැර ගන්න සමහරු මත්ද්‍රව්‍ය, දුම්බීම ආදියට ඇබ්බැහි වෙනවා. ඒවා ලබා ගන්නත් අපි මිලක් ගෙවනවා. මිලක් ලැබෙනවා කියන අභිපේ‍්‍රරණය නැතිනම් අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. දක්ෂ ජන මාධ්‍යවේදියෙකුව නිහඬ කරන්නත් සමහර විට මිලක් ගෙවන්න වෙනවා. හැම උපදින මානවයෙකුටම මිලක් තියනවා. අපි උපන් දා ඉඳල ඒ මිල වැඩි කර ගන්න උත්සාහ කරනවා.
    විවිධ මිල ගණන් ගෙවමින් අපි ලබා ගන්න උත්සාහ කරන දේවල් ජීවිතයට අත්‍යවශ්‍යද? ජීවිතයට සැබෑ සතුට ලැබෙන්නෙ නම් අපි ලබා ගන්න දේවල් වලට වඩා දෙන දේවල් නිසයි කියල අදහසක් තියනවා. එහි ඇත්ත නැත්ත පරිස්සමින් කල්පනා කර බැලිය යුතුයි. අපි ආදරය කරන්නෙත් අපිට ආපිට යමක් ලැබෙනවා නම් පමණයි. පරාර්ථකාමී පේ‍්‍රමයක් කරන්න ලෙහෙසි නැහැ. අපිත් සතුටු වෙලා අනිත් අයත් සතුටු වෙන දෙයක් කරන්න තියෙනවා නම් හොඳයි. ඒත් හැම දෙනාවම සතුටු කරන්න පුලූවනිද?
    වෙළඳ පොල ක‍්‍රමය වෙනස් කරන්න බැරිද? වෙළඳ පොල හැමදාම තිබුනු දෙයක් ද? නැහැ. එහෙම දෙයක් නැති කාලයක් තිබුන. ඈත අතීතයේ.

    Sunday, July 20, 2014

    ගමන - 1



    මට හිතෙන දෙයක් කියන්නද?

    අපි කව්රුත් ගමන ආරම්භ කළේ අම්මාගේ උකුලෙන්.

    මතකද අපි ඒ කාලෙ ඇන්ද ඇඳුම්?

    අම්මල අපිට මොනවා ඇන්දුවද මන්ද. අවශ්‍යතාවය වගේම අලංකාරයත් ගැන අම්මලගේ ආකල්ප වලට අනුව අපිට නොතේරෙන කාලෙ අපි ඇඳුම් අඳින්න ඇති. මම මෙතනදි අම්මල කියල බහුවචනෙන් කිව්වෙ ඇයි කියල ඔයාලට තේරෙනව ඇති මං හිතන්නෙ. අම්මට විතරක් තනියම  ඕව කරන්න දෙන්නෙ නැහැ අනිත් වටේට ඉන්න අය. දරුවෙක් හදන්න බැහැ තනියම. මව් කුසේ පිළිසිඳ ගන්නත් දෙන්නෙක් එකතු වෙන්න  ඕනා. අම්මයි තාත්තයි. ඊ ලඟට ආච්චිල සීයල මාමල නැන්දල පුංචිල බාප්පල අයියල අක්කල මේ හැමෝම විතරක් නොවේ අම්ම තාත්තගෙ මිතුරු මිතුරියො අසල්වැසියො මේ හැමෝම අපි මව් කුසෙන් එලියට එනතුරු ඉන්නෙ නොඉවසිල්ලෙන්. අප ඉපදුනාට පස්සෙ අපව අතපත ගාන්න, අපට කවන්න පොවන්න අපට ලස්සනට අන්දන්න ඔය කාටත් තියෙන්නෙ ලොකු  ඕන කමක්.

    බලාගෙන ගියාම තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කීවාට ඔය දෙකම වෙන හැටි බලන්න ලොකු පිරිසක් අප වටේට ඉන්නවා. අපි තනි නැහැ. ඒ අය අප තනි කරන්නේ නැහැ. එක අතකට අපට තනියම ඉන්නත් බැහැ.

    අපි අපේ ජීවිතයට එක එක කාලෙදි එබෙන අයට  ඕන විධියට තමයි වැඩ කටයුතු කරන්නෙ. ඉස්සෙල්ලම අම්ම තාත්ත. සහෝදර සහෝදරියො, නෑදෑයො.

    ඊ ලඟට ගුරුවරු, යහළු යෙහෙළියො, ඊ ලඟට ආදරවන්තයො ආදරවන්තියො ඊ ලඟට ගම් වැසියො, නගර වැසියො, රට වැසියො ජාත්‍යන්තර ජන සමාජය, විවිධ වෘත්තිකයො, කපටියො හොරු වංචාකාරයො ආත්මාරථකාමියො

    අපි අද අඳින්නේ මොනවාද?
    මං කියපු ඔය ජීවිතයට එබෙන අය පුරුදු කරපුව තමයි අපි අදත් අඳින්නේ.

    ඔය ඔක්කොම පරම්පරා ගණනාවක් එකතු වෙලා හදාපු සංස්කෘතියකට අනුව තමයි අපි හැම දෙයක්ම කරන්නෙ. අපි කන හැටි අපි බොන හැටි අපි ඇවිදින හැටි අපි කථා කරන හැටි අපේ භාෂාව, අපි සෙල්ලම් කරන හැටි, අපි සිංදු කියන හැටි, අපි නටන හැටි, අපි දුක් වෙන හැටි, අපි අඩන හැටි, අපි බනින හැටි, අපි ආදරය කරන හැටි, අපි එකතු වෙන හැටි, අපි වෙන්වෙන හැටි. මේ හැම දෙයක්ම එක්තරා සංස්කෘතියකට අනුවයි.

    ඒක එක්තරා රාමුවක්. ඒ රාමුවෙන් පිට පනින්න ලේසි නැහැ. ඒත් රාමුව ඇතුලෙ අපට එක්තරා ආරක්ෂාවක් තියනවා. හැබැයි නව අදහස් වලට බාධාවකුත් තියනවා.

    ඒත් ඉතින් හැම දාම අනිත් අයට  ඕන විධියට අපව අන්දවන්න දෙන්න පුලූවනිද?

    ඔබේ ගමන සැලසුම් කරන්නේ කව්ද? ඔබද අනිත් අයද?

    ඇයි?
    අපට බැරිද තරමක් දුරට හෝ අපේම ගමනක් සැලසුම් කරන්න.

    එහෙම නම් මානසික අවදිය අවශ්‍යයි.
    අවශ්‍යම දේ මානසික අවදියයි.
    අපේ ජීවිත අපේම අතට ගැනීම අත්‍යවශ්‍යයයි.

    අද සන්නිවේදනය දියුණුයි. ගමනා ගමනයත් දියුණුයි. හැමදෙනාම නැතත් බොහෝදෙනා මේ තාක්ෂණික ජයග‍්‍රහන වල ප‍්‍රයෝජන ගන්නවා. ඒ නිසා ලෝක ජන සමාජය කන හැටි බොන හැටි අඳින පළඳින හැටි සෙල්ලම් කරන හැටි නටන හැටි සිංදු කියන හැටි ආදරය කරන හැටි උයන පිහන හැටි ගෙවල් හදන හැටි හැම රටකම ඉන්න ජනයා දකිනවා. ලෝක ජන සංස්කෘතිය හැම රටකම මිශ‍්‍ර වෙලා. අපේ සංස්කෘතියෙත් මේ නිසා වෙනස් කම් ගොඩක් වෙලා තියනවා. හැලෙන ඒවා හැලෙනවා. එල්ලෙන ඒවා එල්ලෙනවා. එහෙම ඉබේ වෙන්න අරින්නෙ නැතිව හිතා මතා පැරණි නොගැලපෙන ඒවා හලල අවශ්‍ය ඒවා හොඳින් හිතා බලා එල්ලගන්නවනම් තමයි හොඳ. ඒකට තමයි මානසික අවදිය අත්‍යවශ්‍ය.

    ඒත් රාමුවකටම කොටු වෙච්ච අය නොගැලපෙන දේ හලන්නෙත් නැහැ. ගැලපෙන දේ එල්ල ගන්නෙත් නැහැ.

    තවත් සමහරු නොගැලපෙන දේත් එල්ල ගන්නවා. අත්‍යවශ්‍යම දේත් හැලෙන්න අරිනවා. එහෙම හරිද?