Friday, August 14, 2015

ගමන -2

ගමනක් යනකොට ඉතින් අම්බලමක් හම්බ වෙනවනන් හොඳයි. ගමන් මහන්සිය නිවාගෙන ආ මග ගැනත් හිතල ටිකක් විවේක අරගෙන යා යුතු මග ගැනත් නැවත  හිතල සැලැස්මක් එහෙමත් හදා ගන්න පුලූවනි. ඒක ඉතින් දිගු ගමනක් යනකොට හරි වැදගත්.
අපේ ඉතිහාසය ගැන කල්පනා කරන එක හරි වැදගත්. අද අපි මුහුණ පාන  හැම ප‍්‍රශ්ණයකටම හේතුව තියෙන්නෙ අප පසුකර ආ අපේම ඉතිහාසය තුලයි. ඒත් අපි නැවත ඉතිහාසය තුල ජීවත් වන්න උත්සාහ කරන්න නරකයි. අපිට බැහැ ආයෙත් රාජාණ්ඩු හදා ගන්න.
අපි කව්රුත් අද වනාන්තරයකින් යැපෙමින් වනාන්තරයක් තුල ජීවත් වන්නේ නැහැ. අද අපි කව්රුත් ජීවත් වෙන්නෙ මහ විශාල වෙළඳ පොලක. අපේ ජීවිත අවශ්‍යතා කෝකත් අපි ඒ වෙළඳ පොලෙන් මිලට ගත යුතුයි. ඒ නිසා අපිත් මොනවා හෝ විකුණා මුදල් උපයා ගත යුතුයි. විකුණන්න දෙයක් නොමැති නම් මානසික ශ‍්‍රමය හෝ කායික ශ‍්‍රමය විකිණිය යුතුයි. දැනුම, බුද්ධිය, ශරීරය මේ කෝකත් වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා ඉවරයි. නොමිලේ හම්බ වෙන දෙයක් නැහැ. අපිට නොමිලේ හම්බ උනත් කවුරුන් හරි එයට ගෙවිය යුතුයි.  වක‍්‍රව හෝ ඍජුව. සමහර ශිල්පීන් අභ්‍යාවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල රැඳෙමින් සොයා බලන්නෙත් විකිණිය හැකි දේවල්ම තමයි. ස්වයංක‍්‍රීය රොබෝ යානා සෞර ග‍්‍රහ මණ්ඩලය ඉක්මවා ගමන් කරන්නෙත් වෙළඳ පොලට අඩුම වශයෙන් ප‍්‍රවෘත්තියක් වත් සොයා ගන්නයි. ඒ ඡුායාරූප පවා වෙළඳ භාණ්ඩ තමයි.
අති දක්ෂ හෞතික විද්‍යාඥයෙක් හෝ රසායන විද්‍යාඥයෙක් ජීවිත කාලයම ගත කොට සොයා ගන්නා අලූත් විද්‍යාත්මක සංකල්පයත් වෙළඳ පොලට සැපයිය හැකි මිලක් ඇති දෙයක් තමයි. දරුණු පාතාල සාමාජිකයෙක් දුෂ්ඨ දේශපාලකයෙකු වෙනුවෙන් විරුද්ධවාදියෙකු මරා දමන්න සපයන සේවාවත් ඒ වගේම වෙළඳ භාණ්ඩයක්. අපේ සියලූම සන්නිවේදන අවශ්‍යතාවයන් වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා ඉවරයි. අපේ ගමන් අවශ්‍යතා වෙනුවෙන් අපි ඛනිජ තෙල් කියන බල ශක්ති මූලාශ‍්‍රයට කොපමන මිලක් ගෙවනවාද? විකල්ප බල ශක්ති හොයා ගන්න අපි කොපමණ වියදම් කරනවා ද?
මානසික ආතතිය, කාංසිය පාලූව මග හැර ගන්න සමහරු මත්ද්‍රව්‍ය, දුම්බීම ආදියට ඇබ්බැහි වෙනවා. ඒවා ලබා ගන්නත් අපි මිලක් ගෙවනවා. මිලක් ලැබෙනවා කියන අභිපේ‍්‍රරණය නැතිනම් අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. දක්ෂ ජන මාධ්‍යවේදියෙකුව නිහඬ කරන්නත් සමහර විට මිලක් ගෙවන්න වෙනවා. හැම උපදින මානවයෙකුටම මිලක් තියනවා. අපි උපන් දා ඉඳල ඒ මිල වැඩි කර ගන්න උත්සාහ කරනවා.
විවිධ මිල ගණන් ගෙවමින් අපි ලබා ගන්න උත්සාහ කරන දේවල් ජීවිතයට අත්‍යවශ්‍යද? ජීවිතයට සැබෑ සතුට ලැබෙන්නෙ නම් අපි ලබා ගන්න දේවල් වලට වඩා දෙන දේවල් නිසයි කියල අදහසක් තියනවා. එහි ඇත්ත නැත්ත පරිස්සමින් කල්පනා කර බැලිය යුතුයි. අපි ආදරය කරන්නෙත් අපිට ආපිට යමක් ලැබෙනවා නම් පමණයි. පරාර්ථකාමී පේ‍්‍රමයක් කරන්න ලෙහෙසි නැහැ. අපිත් සතුටු වෙලා අනිත් අයත් සතුටු වෙන දෙයක් කරන්න තියෙනවා නම් හොඳයි. ඒත් හැම දෙනාවම සතුටු කරන්න පුලූවනිද?
වෙළඳ පොල ක‍්‍රමය වෙනස් කරන්න බැරිද? වෙළඳ පොල හැමදාම තිබුනු දෙයක් ද? නැහැ. එහෙම දෙයක් නැති කාලයක් තිබුන. ඈත අතීතයේ.