Sunday, April 24, 2022

ගමන - 6

 Prime Way Education - an Online School.

මේ ආයතනය සමග මම මේ දිනවල වැඩ කරනවා. මම ඔවුන්ගේ අධ්‍යාපන පාඨමාලා සමාජ ගත කරන්න වැඩ කරනවා. ඒ සඳහා ඔබටත් මම ආරාධනා කරනවා.

අපි හැමදෙනාටම ජීවිතය උපයන්න තියෙනවා. එහෙත් ඒ සඳහා ධාර්මික මාර්ගයක් අප සැම දෙනාටම සොයා ගන්න වෙනවා.එය කා යටතේ හෝ කරන රැකියාවක් විය හැකියි. එහෙම නැත්නම් ස්වයං රැකියාවක් විය හැකියි. එහෙමත් නැත්නම් යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් නිපදවීම විය හැකියි. ඒ අතරම එම නිෂ්පාදන හෝ සේවා සඳහා අමුද්‍රව්‍ය සපයන්නෙක් විය හැකියි. එසේත් නැත්නම් එම නිෂ්පාදන හෝ සේවා පාරිභෝගිකයින් අතරට ගෙනයන අලෙවිකරුවෙකු විය හැකියි.  ලංකාවේ නම් පවතින නව ලිබරල් ආර්ථික මොඩලයට අනුව ආයෝජකයෙක් විය හැකියි.  මුදලක් සාධාරණ විධියට උපයන්න නම් අපට සිදු වෙනවා ඔය කියන ආකාර වලින් එක් හෝ කිහිප ආකාරයකට වැඩ කරන්නට.

රැකියාවක්, ස්වයං රැකියාවක්, කුඩා ව්‍යාපාරිකයෙක්, නිෂ්පාදකයෙක්, සැපයුම්කරුවෙක් , අලෙවිකරුවෙක් හො ආයෝජකයෙක් කියන ධනෝපායන මාර්ග තමයි අපට තියෙන්නේ.

මෙතැනදී මම මේ හැම ක්ෂෙත්‍රයක් ගැනම කල්පනා කළාම අපි දන්නවා අපට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණය උපයන්න නම් ඒ සඳහා සුදුසුම ක්ෂේත්‍රය තෝරා ගන්න වෙනවා. 

ප්‍රයිම් වේ ආයතනය එයාලාගේම සන්නාමය යටතේ අගනා නිමැවුම් කිහිපයක් සමාජයට ඉදිරිපත් කරනවා. ඒවා විවිධ ක්ෂේතු වලට අයිතියි. එවායින් එකක් තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයට එයාලා ඉදිරිපත් කර ඇති නිමැවුම්. භාෂා අධ්‍යාපනය යටතේ පාඨමාලා කිහිපයක් ප්‍රයිම් වේ ආයතනය පවත්වාගෙන යනවා. 

  • 1, 2 වසර වල ළමුන්ට ඉංග්‍රීසි දැනුම
  • 3. 4, 5 වසර වල ළමුන්ට ඉංග්‍රීසි දැනුම
  • 6, 7, 8, 9 වසරවල ළමුන්ට ඉංග්‍රීසි දැනුම
  • 10, 11 හා සාමන්‍ය පෙළින් පසු හා වැඩිහිටි අයට ඉංග්‍රීසි කථනය පාඨමාලාව.
  • විදේශගතවන්නන් සඳහා  හැදෑරිය යුතු IELTS පාඨමාලාව සඳහා පදනම් පාඨමාලාව
  • IELTS පාඨමාලා
  • ජපන් භාෂා පාඨමාලා
  • දෙමළ ප්‍රවීනතාවය ලබාදෙන පාඨමාලා
මෙම පාඨමාලා හැම එකකටම පාරිභෝගිකයින් ගෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම විවිධ ආයතන විවිධ ක්‍රමවේද භාවිතා කරමින් පාඨමාලා ඉදිරිපත් කරනවා.

එහෙත් අපි ප්‍රයිම් වේ ආයතනය සමග එක්ව ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවක් ඉතාම සාධාරණ මිලකට පාරිභෝගිකයින් නැතිනම් සිසු සිසුවියන් අතරට ගෙන යනවා. නවතම ක්‍රමවේදයකට. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට. Online method . මේ ක්‍රමයට ශ්‍රී ලංකාව තුල පමණක් නොව ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉංග්‍රීසි පමණක් නොවේ ජපන් භාෂාව හා දෙමළ භාෂාවත් ගෙන යන්නට සමත් වෙලා තියෙනවා. මේ සඳහා දැනුම හා හැකියාව පිරි විශිෂ්ඨ අධ්‍යාපනඥයින්, අධ්‍යාපන පර්යේෂකයින්, අධ්‍යාපන උපදේශකයින් මේ සඳහා ආයතනයට එකතු වෙමින් ඉන්නවා.

මේ කාර්යයේදී තව තවත් උදව් කරන දෑත් අපට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා අපත් සමග එකතු වෙන්න. ඔබේ කාලයට, ශ්‍රමයට, කිසිම අයෙකු නොකරන සාධාරණයක් ඉටු කරන්නට අප සූදානම්. ඔබ අපට දෙන කාලයේ හා ශ්‍රමයේ ප්‍රමාණයට ඒ සඳහා මූල්‍ය වටිනාකමක් දෙන්නට ආයතනය සූදානම්. විස්තර ඊලඟ ලිපියෙන්.

අදම අප සමග එක් වන්න.

Do today or never.



ගමන - 5

කලකින් ගමන ගැන ලිව්වෙත් නැහැ. ඒ තරමටම ගමන දුෂ්කරයි.  ගමන තියා නැවතිලා හිටියත් දුෂ්කරයි.  

සදාකාලිකයි කියල හිතන හැම දෙයක්ම චක්‍රිය යි. සූර්යයා පවා යන්නේ චක්‍රිය ගමනක්.  රාශි 12 ක් පහු කරල අපි අන්තිම එක කියල හිතාගෙන ඉන්න මීන රාශියෙන් මේෂ රාශියට නැවත ඇවිත්. වෘත්තයක කොහෙද මුලක් අගක්. කොහොම උනත් කමක් නැහැ අපි අලුත් අවුරුද්දක් සමරල නැවත අලුතින් පටන් ගන්නවානේ.. ඉතින් ගමනත් අලුත් වෙනවා. 

කවුරු හරි ඉන්න හිතෙන රටක් හදයි. මම කරන වැඩ කොටස හැකිතාක් නිවැරදිව කාර්යක්ෂමව කරන එක විතරයි මට කරන්න පුළුවන් දේ. මං කරන වැඩ නිවැරදි වෙන්න නම් මම නිවැරදි වෙන්න ඕන.  අනුන් නිවැරදි කරන්න මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියල මට හිතෙන්නේ.  අනුන් විවේචනය නොකරන්න කියල තමයි බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නේ. තමාගේ දොසම හොයාගෙන එය නිවැරදි කරන්න කියලයි එතුමා කියන්නෙ. එසේ නොකරන්නා ස්වාභාවිකවම විනාශය කරා යන බව තමයි හැට පැනපු මගේ අත් දැකීම. 

වැරදි කරපු කිසිම කෙනෙක් කවුරුවත් ආරක්ෂා කරන්නේ නැහැ. එයාට වත් එයාව ආරක්ෂා කරගන්න බැරි බව තමයි ඒ පැත්තෙන් අපට තියන අත් දැකීම. ඒ නිසා අපි හැකිතාක් නිවැරදිව වැඩ කරමු.

අලුත් අවුරුද්දේ මම හැම දෙනාටම සුබ පතන්නේ නව ගමනක් ආරම්භ කරන්නයි.පසුගිය අවුරුද්දේ සිදුවූ සිත් රිදීම්, අත් වැරදි, අතපසුවීම් ගැන හොඳින් හිතල ඒවාට විසඳුම් කල්පනා කරගෙන ඒ බර බිමින් තියමු.

මේ අවුරුද්දේ තනිවම ගමන යන්න බැහැ කියලයි මට හිතෙන්නේ. අපි කවුරුත් එකතු වෙලා යන්න තියනවා නම් තමයි හොඳ. 

ඒ කොහොම වෙතත් දිනපතා අපි කරන වැඩ වල හැමදෙනාටම ආවේනික ක්‍රමයක් තියනවා. ඒක පුද්ගලික සැලැස්මක්. 

මගේ සැලැස්ම මම සංකේතාත්මකව ලියන විදියක් තියනවා.

P/S/R/B/M

මොකද කියන්නෙ. තේරෙනවාද,? 

P - Personal
ඒ කියන්නේ  මගේ් පුද්ගලික වැඩ. මගේ පුද්ගලික සෞඛ්‍යය ගැන හැට පැනපු අයෙක් විධියට නිතරම හිතන්න වෙනවා. ඒ එක්කම පවුලේ අයගේ කටයුතු. ඒවට මම මුල් තැන දෙන්නම වෙනවනෙ.
  
S - Studies
ජීවිතයේ  කවදාවත් ඉගෙනගැනීම නවත්වන්න බැහැ.  අධ්‍යාපනය නැවතුන දාට මේ ගමනත් නවතිනවා. හැමදිනයක්ම අලුත් පාඩමක්. මුලු අතීතය ම පාඩමක්. පුද්ගලිකව මේ දවස්වල සමාජවිද්‍යාව, ආර්ථික විද්‍යාව, හා සමාජ සංඛ්‍යානය විධිමත් විධියට හදාරනවා. මට නම් ජීවිතයම පාඩමක්. සොබාදහම අපට උගන්වලා ඉවර කරන්නෙත් නැහැනේ. හැම දිනයකම අලුත් පාඩමක්.
R - Relationships
ඔව්. මානව සබඳතා. මම තදින් විශ්වාස කරනවා මිනිසෙකුගේ පැවැත්මට හා සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් විධියට මානව සබඳතා - යහපත් මානව සබඳතා -  අපි හැම දෙනෙකුටම අත්‍යවශ්‍යයයි කියා. ඒනිසා මම නිතරම නව මානව සබඳතා අලුතින් ඇති කර ගැනීමටත්,  තිබෙන මානව සබඳතා නඩත්තු කර ගන්නත්, ඒවා මගේ ජීවිතයට අදාලව කළමනාකරණය කර ගන්නත්, මම මගේ කාලය හා ශ්‍රමය වැය කරනවා. මම එය සංකේතාත්මකව    HRMM  - .Human Relattionship Maitenance and Management  ලෙස දක්වනවා. එහි   HR  කියන්නේ  මගේ දැක්ම අනුව මානව සම්පත් නොවේ. මානව සබඳතා සඳහායි. මානව සම්පත් කියනවාට වඩා මානව සබඳතා කීවාම මට වඩා සමානාත්මතාවයක්  ජීවමය බවක් දැනෙනවා. ඒ නිසා මම හරි උනන්දු වෙනවා තනි තනි පුද්ගලයින් සමග වගේම  .One to One Relationships විවිධ මානව කණ්ඩායම් සමග ආයතන Human Grops and Teams සමග සබඳතා තර කර ගන්නට.

B - Business
මගේ එදිනෙදා කටයුතු හා ව්‍යාපාරික කටයුතු දෙකම මම සලකන්නේ   Business  විධියටමයි,  එතැනදී මම ඒ කටයුතු අංශ දෙකකින් ක්‍රියාත්මක වෙනවා.  පළමු වැන්න ශාමාසසංකේ. - ශාන්තී මානව හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ කටයුතු අනෙක  Cshop. Online කටයුතු.  මේ දෙකම එක් අතකට ගවේශණාත්මක ගමන් දෙකක්. ඒ ගමන මම යන්නේ තනිවම නොවේ. මගේ විශ්වාසවන්ත මිතුරන් සමගයි. එම මිතුරන් මට හමු වන්නේ  පෙර කී මානව සබඳතා හරහායි. මම එම මිතුරු ජාලයට කියන්නේ TFN - Trusted Friends Network කියලයි.  විශ්වාසවන්ත මිතුරු ජාලයක්. සමූහයක්. ඒ ජාලයට ඔබත් අයිතියි. එ නිසයි මේ ලිපිය ඔබට කිවන්න ලැබෙන්නේ. 
මගේ මිතුරන්ටත් විවිද දර්ශනයන් තියෙනවා. ඒවාට අනුව ගොඩනගා ගත්ත ව්‍යාපාර තියෙනවා. ආයතන තියෙනවා.  මම නොබියව ඒවා එක්ක සම්බන්ධ වෙනවා. එය මගේ ගමනට සමාන්තර ගමනක් යනවාද කියන එක විතරයි මම බලන්නේ. මෙය සමාජයට සෙතක් කරන්න හිතාගෙන යන ගමනක්. අන් කිසිවෙකුත් විවේචනය නොකර යන ගමනක්. මට සමාන්තරව මම යන දිශානතියටම යනවා නම් මම ඔවුන්ගේ අත් අල්ලා ගන්නවා. ඕනෑම යහපත් වැඩකට සූදානම් දෑතකුත්, නිදහස් චින්තනයේ යෙදෙන සිතකුත්, හොඳ හදවතකුත් තිබේ නම් එය ප්‍රමාණවත්.
M - Music
සංගීතය - හැම පුද්ගලයෙකුටම යම් වින්දන ක්ෂේත්‍රයක් තිබිය යුතුයැයි මම අදහස් කරමි. එහෙත් වින්දන ක්ෂේත්‍රයක් පමණක් තිබීම ප්‍රමාණවත් යැයි මම හිතන්නේ නැහැ. කොහොම උනත් විවේකයේ දී මම සංගීතය රස විඳිනවා. ගිටාරයත් සමග තනි වෙනවා. මිතුරන් සමග විනෝද වන විට, වාදනයටත් ගායනයටත් මම කැමතියි. එවැනි අවස්ථා අපිව සහමුලින්ම අලුත් කරනවා. Refresh your mind onec in while.

මේ දවස් වල මොනවද කරන්නේ.?

හොඳ ප්‍රශ්නයක්. කවුරු හරි එහෙම අහන එක හොඳයි. නැත්නම් අපට ගමනේ ඉලක්කය අමතක වෙනවා. 

The most unavoidable human error is forgetting what one is trying to achieve.
-  Paul Nitze -

මම රුහුණු් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා විද්‍යාර්ථියෙක් විධියට සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව හා සමාජ සංඛ්‍යාණය යන විෂයයන් හදාරනවා.  ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණයත් පදනම් විෂයයන් විධියට හදාරනවා. වසර තුනක් එය සාර්ථකව කරගෙන යායුතුයි. මේ දවස්වල මගේ මූලිකත්වය දෙන්නේ ඒ කටයුත්තටයි.

ඒ සමගම මම විවිධ ආයතන සමග සම්බන්ධ වෙලා සමාජ සේවාවන් හා ව්‍යාපාර කටයුතු කරනවා. ග්‍රාමීය වැඩිහිටි කමිටුව, සියනෑ ගොවි සංවිධානය, රත්මලාන කම්කරු සෙවන, ප්‍රයිම් වේ ආයතනය, එවැනි ආයතන තුනක්. තව එවැනි ලොකු කුඩා ආයතන හා පුද්ගලයින් සමග මම වැඩ කරනවා. ඒ ආයතන ගැන මම වෙනම කථා කරන්නම්.


Friday, April 22, 2022

ජාලීය අලෙවි කරනය.

අන්තර්ජාලයේ විකීපේඩියා ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.

හැදින්වීම


ජාලීය අලෙවිකරණය (Net Work Marketing) නැතහාත් මල්ටි ලෙවල් මාර්කටින් MLM (Malty Level Marketing) යනු දැනට ලෝකයේ මිනිසුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් ඉතාමත් කෙටි කාලයක් තුලදී ධනවතුන් වීමට හා ධනපතියන් කිරිම සදහා බලවත් වූ අලෙවි කරණයක් වශයෙන් හදුන්වා දීමට හැක.සරල සාමාන්‍ය දැනුමක් ඇති ඔනෑම අයෙකුට මෙන්ම උගත් බුද්ධිමත් ඕනෑම අයෙකුට මෙම අලෙවිකරණය තුලින් මුදල් ආයෝජනය කිරිමකින් තොරව භාණ්ඩයක් පරිභෝජනය කිරිම තුලින් තා කෙටි කාල සිමාවකදී ධනපතියන් විමට හැකියාවක් ඇත.ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් ධනපතියන් බවට පත් කරනු ලබන මෙම ජාලීය අලෙවි කරණය පිළිබද නිසි පරිදි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් කමක් ගනු ලබයි. ජාලීය අලෙවිකරණය (Net Work Marketing) නැතහාත් මල්ටි ලෙවල් මාර්කටින් MLM (Malty Level Marketing) පිරිසක් එකමුතුව සියලුම සාමාජිකයිනට යහපතක් වන ආකාරයට නිර්මාණකර ගත් ක්‍රමවේදයකට  භාණ්ඩ හා සේවාවන් අලෙවි කරනු ලබන නිත්‍යානුකූල ක්‍රමවේදයකි
 

ජාලීය අලෙවි කරණය


ජාලිය අලෙවි කරුවෙකු වශයෙන් තම යුතුකම් කොටස මැනෙවින් ඉටු කිරීමට නම් නියම වශයෙන් ජාලීය අලෙවි කරණය හදුනා ගැනීම කළ යුතුයි.
 
  1. තමන් විසින් තෝරාගන්නා ලද ආයතනය අවම වශයෙන් වසර 05 කට අධික කාලයක් මෙම ක්ෂේත්‍රයේ නියලීම.
  2. දේශීය වශයෙන් දේශීය නිෂ්පාදනයන්ට මුල් තැනක් ලබා දීම.
  3. විනිවිද භාවයකින් සියලුම වෙළද කටයුතු කිරිම.
  4. ආයතනයේ නිෂ්චල සහ චංචල දේපළ වල වටිනාකම.
  5. ජාලීය අලෙවි කරනය මෙහෙය වන්නන්ගේ හැකියාවන් සහ සුදුසුකම් පිළීබදව.
  6. තමන් විසින් පරිභෝජනයට ගන්නා සෑම භාණ්ඩයක්ම තමන් විසින් එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩයන් වීම.
  7. ආයතනයේ ලියාපදිංචිය.
  8. අතීතයේ වර්ථමානයේ සහ අනාගත සැලසුම් පිළීබද අවබෝධය.
  9. පුහුණූවීම් හා දැනුවත් කිරිම් පිළීබද ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබීම.
  10. ආයතනය වසරින් වසර දියුණූවට පත්වෙන ආකාරය පිළීබදව.
  11. ආයතනයේ දැක්ම හා ඊට ලගා වීමට ආයතනයට ඇති හැකියාව.
  12. ආයතනයේ ගනු දෙනු වල ඇති විනිවිද භාවය.
  13. ආයතනය මගින් අඛණ්ඩව ලබා දෙනු ලබන දැනුම හා පුහුණූ වැඩ සටහන්.
  14. ආයතනය හා සම්බන්ධ තුන්වන පාර්ශවයේ ආයතනයන් කවරේද යන්න.
  15. ආයතනය ආරම්භයේ සිට වර්ථමානය දකවා අඛණ්ඩ වර්ධනයක් දැකිය යුතුයි.
  16. මෙහෙය වන්නන් ආරමභකයින් නැතහොත් අධ්‍යක්ෂක මණඩලයේ මෙම ක්ෂේත්‍රය පිළීබද දැනුම.
  17. ආයතනයේ අලෙවි කරන ජාලය තුල සාධාරණ ගනු දෙනුවක් සිදුවිය යුතුයි.
  18. ආයතනයේ ලාබ අංශයන් ස්වාධීනව අලෙවි කරුවන් අතරේ බෙදා දීමට ඇති සැලැස්ම අලෙවි කරුවන්ට වැඩි වාසි ගෙන දෙන එකක් විය යුතුයි.
  19. පාරිභෝගිකයාගේ අභීමතය පරිදි තමන්ට කැමති භාණඩයක් තෝරා ගැනීමට හැකිවන පරිදි භාන්ඩ වර්ග තිබිය යුතුයි
  20. මිනිසාට සුදුසු හා සෙෘඛ්‍යයට හිතකර සැම දෙයක්ම තම පාරිභෝගිකයාට ලබා දීමට කටයුකු කිරිම

ක්‍රමවේදය

ජාලීය අලෙවිකරණය (Net Work Marketing) හි ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.

  1. ආයතනයේ සාමාජිකයෙකු වශයෙන් හෝ බෙදාහරින්නෙකු වශයෙන් එක් අයෙකු බදවා ගැනීම සිදු කරනු ලබයි.
  2. මෙසේ බදවා ගන්නා ලද පුද්ගලයා තම ජාලය සංවර්ධනය කර ගැනීම උදෙසා මෙන්ම ආයතනයේ නිෂ්පාදනයන් අලෙවි කිරිම සදහා තව තවත් අයවලුන් බදවා ගැනීම සිදු කරනු ලබයි.මෙසේ ඔහුට අයත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම ඔහු විසින් කර ගැනීම කරයි.
  3. මෙසේ ආයතනය සමග සම්බන්ධ වන සෑම බෙදා හරින්නෙකුටම තමන්ගේ සහ තම කණ්ඩායමේ අලෙවිය මත ලැබෙන්නාවූ කොමිස් මුදල් හා දීමනාවන් ලබා ගැනීමේ අයිතිය හිමිවේ. එසේම තම කණ්ඩායම දිනෙන් දින වර්ධනය කර ගන්නාවූ සෑම අයෙකුගේම දිනපතා ආදායම මාසික ආදායම මෙන්ම වාර්ෂික ආදායම් තත්වයද ඉතා ඉහලට ඇදීයන අතර එය අනාගත වත්කමක් දක්වා නිර්මාණය කර ගැනීමේ හැකියාවක්ද ඇත.මේ පිළීබදව මනා ලෙසින් තේරුම් ගන්නා අලෙවි කරුවන් පමණක් මෙම ක්‍රමය තුලින් ඉතා කෙටි කාලයක් තුලදී ධනපතියන් බවට පත්වෙන බව සත්‍යයක්වේ.

මුලධර්ම

  1. සාමාජික ප්‍රතිලාභයන් සාමාජික සංඛයාව මත පමණක් සිදු නොවේ.
  2. සාමාජිකයින් තමන් විසින් සකසන කණඩායමේ මුලු මිලදී ගැනීම් සහ අලෙවි කිරිම් (තමන්ගේ පරභෝජනය සහ සිල්ලර විකිණීම) මත ප්‍රති ලාභයන් හිමිවේ.
ආයතනයේ යම භාණ්ඩයක් හා සේවාවක් ලබා ගෙන නව සාමාජිකත්වය ලබා ගත යුතු අතර නව සාමාජිකයිනට ආදායම සහ ප්‍රතිලාභයන් පිළීබදව මෙන්ම කිසිදු කරුණක් පිළීබදව බොරු පොරොන්දු දීම නොකළ යුතුය.

ජාලීය අලෙවිකරණය සතු බලය

  1. ආයෝජනයක් නොමැතිව පරිභෝජනය තුලින් ඇරබිය හැකි ව්‍යාපාරයක් වීම.
  2. පරම්පරා ගණනකට ආදායම ලබා ගැනීමට හැකි වෘත්තියක් වීම.
  3. කාලාවරයක් සහිත ව්‍යාපාරයක් වීම(දිනකට පැය 24 කට වඩා වැඩකල හැකි වීම).
  4. මුදල් නිදහස ලබා ගැනීමට හැකි විම.
  5. කාලයේ නිදහස ලබා ගනීමට හැකි වීම.
  6. මානසික නිදහස ලබා ගැනීමට හැකි වීම.
  7. ඉතා කෙටි කාලයක් තුල වැඩිම ආදායමක් ඉපැයීමට හැකි වීම.
  8. ලොව වැඩිම ආදායමක් ලබන වෘත්තීන් අතර ඉතා ඉහලින් තිබීම.
  9. දක්ෂයිනට නිසි තැන ලැබෙන ව්‍යාපාරයක් වීම(හැකියාව අනුව ඉදිරියට යැමට හැකි වීම).
  10. අන් අයගේ දියුණූව තුලින් තමන්ට ආදායම ඉපයීමට හැකි වීම.
  11. ව්‍යාපාරය ව්‍යාප්ත කිරිමට ඇති පහසුව.
  12. භෞතික සම්පත් අවශ්‍ය නොවීම.
  13. වෘත්තීය සුදුසුකම් ඇති හෝ නොමැති සෑම අයෙකුටම එකසේ ආදායම ලැබීමට හැකි වීම.
  14. අන් අයගේ දියුණූව තුලින් තමන්ද දියුණූව කරා පියමන් කිරිමට හැකි වීම.
  15. තමන්ගේ අවංකභාවය තුලින් ආදායම් ඉපයීමට හැකිවීම.
  16. නව සම්බන්ධතා ඇතිකර ගැනීම.
  17. ජාත්‍යන්තර අත් දැකීම් ලබා ගැනීමට හැකිවීම.
  18. රටතුල පමණක් නොව ලොවපුරා සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකිවීම.
  19. විශාල පරාසයක් පුරා ව්‍යාපාරය දියුණූකර ගැනීමට හැකිවීම.
  20. ආකල්ප අතින් පිරිපුන් ජන සමුහයක් නිර්මාණය කිරිමට හැකිවීම.
  21. ආකල්ප අතින් ඉතා උසස් නායකයින් බිහිකිරිමට හැකිවීම.
  22. රටක ජාතියක දියුණුව සදහා වැදගත් වැඩ කොටසක් කිරිමට හැකිවීම.
  23. තමන්ගේ ආත්ම අභිමානය වර්ධනය කර ගනිමින් දිවි ගෙවිමට හැකිවීම

ශ්‍රී ලංකාවේ ජාලීය අලෙවිකරණය

ශ්‍රී ලංකාවේ ජාලීය අලෙවිකරණය පිළීබදව තරැණ පරපුර මෙන්ම වැඩිහිටි අයවලුන්ද දක්වන්නේ මෙන්ම ඒ දෙස බලන්නේද ඉතාමත් පටු ආකාරයකිනි.  එවන් රටක දුප්පතුන් කිසිදු දිනෙක ධනපතියන් වශයෙන්ද, රටක් ධනවත් රටක් වශයෙන්ද, සංවර්ධනයක් කරා නොයනු ඇත.  අනාගත පරපුරට මෙය නිවරදි ආකාරයෙන් වටහා දීම ඉතාම කාලෝචිත  පියවරකි. උදාහරණයක්  වශයෙන් ලොව ධනවතෙකු වන මයික්‍රොසොප්ට් ආයතනයේ  නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ තම ව්‍යාපාරයන් වෙතින් ලැබෙන ධනය නැතිවී ගිය හොත් තමන් මුලසිට නැවත පටන් ගන්නේ ජාලීය අලෙවි කරණයෙන් බවය. එහෙත් ශ්‍රී ලංකාවේ ජාලීය අලෙවි කරණය තවමත් පවතින්නේ ඉතාමත් පහත් තලයක බැවින් එය දිනෙන් දින දියුණුවට පත් කර ගැනීම කල යුතුය.

ජාලීය අලෙවි කරැවෙකු සතු ගුණාංග


කැපවීම
අනාගත සිහින
යහපත් ආකල්පයන් සහ නායෙකයෙකු සතු ගුණාංගයන්

ජාලීය අලෙවි කරණය ඉගෙන ගත යුත්තේ ඇයි

මනා ලෙසින් ජාලීය අලෙවි කරණය ඉගෙන ගන්නා ලද අයෙකු දිනෙන් දින ඉතාමත් ඉක්මනින් තම අනාගතය සාර්ථකත්වය කරා පියවර මනිනු ලබන අතර දක්ෂ නායෙකයෙකු වශයෙන්ද සමාජයේ යහපත් පුරවැසියෙකු වශයෙන්ද දිවි ගෙවිමට ඉගෙන ගන්නා අතර තවත් අයෙකුට උදව් උපකාරයන් කරමින් ඔහුගේ ජීවිතයද සාර්ථකත්වයට රැගෙන යමින් ධනපතියෙකු දක්වා රටට මෙහෙයක් කිරිමට හැකියාවක් ලැබීම හදුන්වා දිය හැක මෙම ක්‍රමයට විරුද්ධ කොටසක්ද නැත්තේ නොවේ . ඔවුන් නම් දුප්පතුන් ධනපතියන් වීම නුරුස්සනා පිරිස් බව හැදින් වීමට හැක

ජාලීය අලෙවි කරණය සහ සෘජු විකුනුම් කර්මාන්තය


වොෂින්ටන් ඩී.සී. හි පිහිටි WFDSA(World Federation Direct Selling Association) යනු සෘජු විකිණුම් කර්මාන්තය නියෝජනය කරන ප්‍රධාන ජාත්‍යන්තර රාජ්‍ය ආයතනයයි.
ජාලීය අලෙවි කරණය ප්‍රධාන ජාත්‍යන්තර රාජ්‍ය ආයතනය (WFDSA)


වොෂින්ටන් ඩී.සී. හි පිහිටි WFDSA(World Federation Direct Selling Association) යනු සෘජු විකිණුම් කර්මාන්තය නියෝජනය කරන ප්‍රධාන ජාත්‍යන්තර රාජ්‍ය ආයතනයයි.

(WFDSA) නිතිමය තත්වය


  1. ආයතනය ආරම්භයේ  සිට වසර 05 කට වඩා අඛණ්ඩව වෙළඳපළ තුල නොකඩවා වෙළඳ කටයුතු සිදුකරනු ලබන ආයතනයක් වීම.
  2. ආයතනය ආරම්භයේ සිට වර්ථමානය දක්වා අඛණ්ඩ වර්ධනයක් දැකිය යුතුයි.
  3. මෙහෙය වන්නන් ආරම්භකයින්  නොහොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ මෙම ක්ෂේත්‍රය පිළීබදව දැනුම සහ අවබෝධය‍.
  4. අලෙවිකරණය තුල සාධෘරණ ගනුදෙනුවක් තිබිය යුතුයි.
  5. ආයතනයේ ලාබ අංශයන් ස්වාධීන ගැනුම්කරුවන් අතරේ බෙදා දීමට ඇති සැලැස්ම අලෙවි කරවන්ට වැඩි වාසි ගෙන දෙන එකක් විය යුතුයි.
  6. ආයතනයේ වගකීම් වලට වඩා වත්කම් වල අගයක් ගත යුතුයි.
  7. පාරිභෝගිකයාගේ අභිමතය පරිදි තමන් කැමති භාණ්ඩයක් තෝරා ගැනීමට හැකිවන පරිදි භාණ්ඩ වර්ග තිබිය යුතුයි.
  8. ආයතනයේ දැක්ම හා ඊට ලඟා වීමට ඇති හැකියාව.
  9. ආයතනයේ ගනුදෙනුවල ඇති විනිවිද භාවය.
  10. ආයතනය මගින අඛණෟඩව ලබාදෙන දැනුම හා පුහුණූවීම්.
  11. ආයතනය සමගින් එක්වී ඇති තුනවන පාර්ශවයේ ආයතනයන්ය.
නිමි.

Monday, February 21, 2022

Love

 අවසානය දක්වා කියවන්න.



1980 ගණන්වල අගභාගයේදී, සුප්‍රසිද්ධ දක්ෂයාගේ දියණිය වන ලීසර්ල්, අයින්ස්ටයින් විසින් ලියන ලද ලිපි 1,400ක් හෙබ්‍රෙව් විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කරන ලද අතර, ඔහුගේ මරණයෙන් දශක දෙකකට පසුව පමණක් එවයේ අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන ලෙස නියෝග කළේය. මෙය ලීසර්ල් අයින්ස්ටයින්ට  ලියූ ඉන් එකකි.

“මම සාපේක්ෂතාවාදයේ න්‍යාය ඉදිරිපත් කළ විට, ඉතා සුළු පිරිසක් මාව තේරුම් ගත් අතර, මනුෂ්‍ය වර්ගයාට සම්ප්‍රේෂණය කිරීමට මා දැන් හෙළි කරන දේ ද ලෝකයේ වැරදි අවබෝධය සහ අගතිය සමඟ ගැටෙනු ඇත.

මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය තාක් කාලයක්, අවුරුදු හෝ  දශක කිහිපයක්, මම පහත පැහැදිලි කරන දේ පිළිගැනීමට තරම් සමාජය දියුණු වන තුරු එම ලිපි ආරක්ෂා කරන ලෙසයි.

මෙතෙක් විද්‍යාවට විධිමත් පැහැදිලි කිරීමක් සොයා නොගත් අතිශය බලගතු බලවේගයක් තිබේ. එය අන් සියල්ල තුළ ඇතුළත් සහ අන් සියල්ල පාලනය කරන බලවේගයක් වන අතර විශ්වයේ ක්‍රියාත්මක වන ඕනෑම සංසිද්ධියක් පිටුපසම සිටින අතර අප විසින් තවමත් හඳුනාගෙන නොමැත.

මෙම විශ්ව බලය ආදරයයි.

විද්‍යාඥයන් විශ්වයේ ඒකීය න්‍යායක් සොයන විට ඔවුන්ට වඩාත්ම බලගතු අදෘශ්‍යමාන බලවේගය අමතක විය.

ආදරය ආලෝකයයි, එය දෙන අයව මෙන්ම ලබන අයව ආලෝකමත් කරයි.

ආදරය යනු ගුරුත්වාකර්ෂණයකි, මන්ද එය සමහරුන් අන් අය කෙරෙහි ආකර්ෂණය කරවන බැවිනි.

ආදරය යනු බලයයි, මන්ද එය අපට ඇති හොඳම දේ ගුණ කරන අතර මනුෂ්‍යත්වය ඔවුන්ගේ අන්ධ ආත්මාර්ථකාමිත්වය තුළ නිවා නොදැමීමට ඉඩ සලසයි. 

ආදරය වෙනුවෙන් අපි ජීවත් වෙන අතර ආදරය වෙනුවෙන් මැරෙන්නත් සූදානම්.

ආදරය දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ  යනු ආදරයයි.

මෙම බලය සෑම දෙයක්ම පැහැදිලි කර ජීවිතයට අරුතක් ලබා දෙයි. මෙය අප බොහෝ කලක සිට නොසලකා හරින ලද විචල්‍යයයි, සමහර විට අපි ආදරයට බිය නිසා විශ්වයේ ඇති එකම ශක්තිය එය නිසා මිනිසා කැමැත්තෙන් එය හැසිරවීමට ඉගෙන ගෙන නැත.

ආදරයට දෘශ්‍යතාව ලබා දීම සඳහා, මම මගේ වඩාත් ප්‍රසිද්ධ සමීකරණයේ සරල ආදේශනයක් කළෙමි.

E = mc2 වෙනුවට, ආලෝකයේ ප්‍රවේගයෙන් ගුණ කළ ආදරය තුළින් ලෝකය සුවපත් කිරීමේ ශක්තිය ලබා ගත හැකි බව අපි පිළිගනිමු නම්, ආදරය එහි ඇති බලවත්ම බලවේගය බවට අපි නිගමනය කරමු, මන්ද එයට සීමාවක් නොමැති බැවිනි.

අපට එරෙහිව හැරී ඇති විශ්වයේ අනෙකුත් බලවේග භාවිතය හා පාලනය කිරීමේදී මනුෂ්‍යත්වය අසමත් වී ඇති නිසා, අප වෙනත් ආකාරයක ශක්තියකින් පෝෂණය වීම අත්‍යවශ්‍ය හා ඉතා හදිසි වේ.

අපට අපගේ ජීවී විශේෂය නොනැසී පැවතීමට අවශ්‍ය නම්, අපට ජීවිතයේ අරුතක් සොයා ගැනීමට අවශ්‍ය නම්, ලෝකය සහ එහි වෙසෙන සෑම සත්වයෙකුම සුරැකීමට අවශ්‍ය නම්, එකම පිළිතුර ආදරයයි.

පෘථිවිය විනාශ කරන වෛරය, ආත්මාර්ථකාමිත්වය සහ කෑදරකම මුළුමනින්ම විනාශ කිරීමට තරම් බලවත් උපකරණයක් වන ආදරය නමැති බලගතු බෝම්බයක් සෑදීමට අපි තවමත් සූදානම් නැත.

කෙසේ වෙතත්, එක් එක් පුද්ගලයා ඔවුන් තුළ ශක්තිය මුදා හැරීමට බලා සිටින ආදරයේ කුඩා නමුත් බලවත් උත්පාදකයක් දරා සිටී.

ආදරණීය ලීසර්ල්, මෙම විශ්ව ශක්තිය ලබා දීමට සහ ලබා ගැනීමට අප ඉගෙන ගන්නා විට, ආදරය සියල්ල ජය ගන්නා බවත්, සියල්ල සහ ඕනෑම දෙයක් අභිබවා යාමට හැකි බවත්, තහවුරු වනු ඇත.

මක්නිසාද යත් ආදරය යනු ජීවිතයේ සාරාංශයයි. ආදරය යනු ජීවිතය තුළ කැටි වුනු සියල්ලයි

මගේ මුළු ජීවිත කාලය තුළ  ඔබ වෙනුවෙන් නිහඬව මගේ හදවතේ කම්පනය වූ දේ ප්‍රාකාශ කිරීමට නොහැකි වීම ගැන මම දැඩි ලෙස කනගාටු වෙමි. සමහර විට සමාව ඉල්ලීමට ප්‍රමාද වැඩියි, නමුත් කාලය සාපේක්ෂ බැවින්, මම ඔබට ආදරය කරන බවත් ඔබට ස්තූතිවන්ත වන බවත් මම ඔබට පැවසිය යුතුයි. ".

ඔබේ පියා ඇල්බට් අයින්ස්ටයින්

මුහුණු පොතෙන් උපුටා ගෙන පරිවර්තනය කරන ලද ලිපියකි

 From: https://www.facebook.com/photo/?fbid=10204419308825520&set=a.3080856823129


Monday, December 27, 2021

Irene's Stories

Warnakulasuriya Juwanwarnage Aloysious Fernando
 "Aloy Baass" for some and "Aloy Iya"

By Irene Sriwardhana

Although my father was not a teacher, he was an interesting character with different talents, that I am proud to write about. However I can categorise him a vocational teacher instead. My father was born in Katuneriya, in1914 as the only child in his family. He was 91 when he left us in 2005. His name is Warnakulasuriya Juwanwarnage Aloysious Fernando. Though he had few nicked names as "Aloy Baass" for some and "Aloy Iya" for others. For his workforce he was favourite "Baass Un-nahe" forever. No matter however they called him, for me, he was my beloved father.
He started his education at Katuneria primary school from kindergarten to year 8. To be a teacher during that period one had to study, from year one to year 8 three times as the missionary schools were the established education system of the era. My father was very good in mathematics and he did his studies three times from year one to year eight but towards the end of the third time, he changed his mind to be a 'Roman Catholic Priest' instead of a teacher. He had been a very pious and religious person not by mere words but by his own acts until he passed away in 2005. (When I was young every evening, the whole family used to sit together and pray, no one was allowed to escape. Being the youngest child in the family sometimes I was allowed to have an early night). He was very talented person in music, not only used to sing melodies but to play quite a few musical instruments including, accordion, Serpina and Mouthorgan by listening. He was lucky enough to possess them all. I still remember his accordion until it was given away to one of his close relatives despite my will against it. When he was a teenager, he started going to the church house to discuss about his ambition with the chief Priest (during those days priests were foreigners) who was at Katuneriya Church. Though he didn't get a positive response, the attitude towards his request was not negative either. He kept on bugging the Chief Priest, however, every time he used to get a different kind of response. Amidst everything, he missed 'Teaching final exam' in the hope of becoming a priest. He used to start the day by attending the morning mass and spending most of his time doing activities at Church. He was reluctant to allow his strong ambition faded away. To make the matters harder for him, he lost his companion and friend who happened to be his dad to an illness. My father and his mother then moved in with his mother's older sister, who used to live in Wennappuwa. He then started attending morning mass at Wennappuwa church and started having discussions with the priest about his ambition. The only response he had was "Consider other options", but my father only had one objective in his mind. My grandmother, my father's mother got married again few years later after she became a widow. My father was not impressed, therefore he decided to stay with his mother's elder sister but my grandmother moved away with her new husband to a remote village in Kurunegala. There she had a boy and a girl in her second marriage. So my father had a half brother and a sister whom he loved and taken care of. After a while her second husband passed away. My dad then made an effort to visit his mother, half brother and sister as much as he could until she passed away in July 1988. Anyway, one morning he was coming back from the church after attending the mass and halfway through his way home, he got beaten by a bunch of kids slightly older than him. (There were no roads like today, walking through coconut growth or through lands by jumping over fences or walking through boundaries were the ways). When he was limping and walking slowly with a swollen and bleeding face he met a kind hearted man who took pity on him and took my father to his near by home. He cleaned my father's face, made him comfortable and offered breakfast. My father had breakfast and thanked the people who treated him kindly and went home. He found the people who helped him were very kind. There he met a pretty girl and got married to her later in his life. By then he was working as an apprentice to a builder who happened to be his uncle. He then became a builder. All his ambitious plans took a different turn. With his excellent mathematical skills lead him in the directions of architecture. Since then he did tremendous architectural designs in the area where he lived as well as far and wide the country. Funnily enough because of his bonds with the church remained the same and majority of his work were based on churches, namely Wennappuwa, Gangoda, Dummaladeniya, Katupotha, Kurunegala, Kattimahana,Kirimatiyana, Bandirippuwa, Nainamadama, Thalawila, Nabiriththankadawala and many more. Massive project of a modern two story residential property was designed and built in early 60s in Wennappuwa for the first time and it remains intact until today. For the first time he designed and built a complete tank to soak coconut husks to obtain coconut fibre in mid 60s, in Wennappuwa. It was a massive project, we all visited the site and stayed over night while he was doing the concrete base manually with his team. It was a very difficult task. The owners were very impressed because the temporary tanks used to collapse very often and they had to remove soil before refilling as well as when there was heavy rain. I was a very keen admirer of his drawings. I used to observe him doing his work. I didn't understand a single word of "Front elevation" or "side elevation" but enjoyed the end products. Though he spent days and days for his drafts, designs plans and calculations, He did not charge for his plans and estimates. He only earned his wages by his hard work. He trained numerous amount of apprentice in the field and he taught each and everyone with his knowledge. Most of them started as helpers and got trained as builders, team leaders and developed their careers as builders. He must have sensed that he would never ever be able to pass his ability to any of his offsprings. Therefore he trained couple of clever people to do drafts and calculate estimates without hesitation. He shadowed them over the years until they were fully confident in their trade even by going out of his way. Though my mother sometimes mourned about it, my father never ever said a word. My father used to run few building sites far and wide simultaneously and teams of his workforce used to work at these sites under his constant supervision. Managing and monitoring work and progress of each team, monitoring quality and standards of work without cutting corners and assigning tasks to his reliable staff members, supplying best quality building materials for relevant sites, providing food and suitable lodging for the team were also part and partial of his responsibilities. Without having any form of current modern communication methods, using his bicycle and public transport (at later stage) he managed to supervise building sites really well. The completion were done on time and those who failed his benchmark had an earful. However, most of the time his customers did not pay him what they had agreed. In such occasions, he paid his workforce from his own pocket and came home empty handed. My mother had been a very active housewife and she used to run few businesses from home. She then stepped in and looked after the family. She used to make coconut oil at home. She used to have a small farm animals such as chicken and cows. All those things helped her make money. For me seen him doing his work spending hours on end sitting with his drafts and calculations seemed too boring. But my favourite things were the collection of pointed pencils, sharpeners, rulers and erasers. I used to snatch his pencils and got away with it, as he had a collection of them he might have not noticed. If he did, I am sure I would have got what I had bargained for. I still wonder where he used to buy those A3, A2 size paper during those days. At Christmas, his work force used to come in teams and visit him with gifts. My mother used to make delicious food to treat all of them. After treating them, he sat with them and played his accordion and sang together. There was a precious gift that my mother received from one of his apprentice lasted until recently. It was a mat weaved using reeds by his mother sent in as a Christmas gift. "1969" was neatly and creatively weaved in to the mat using red and white reeds. That was one of the best gifts. Another precious gift is a wall mounted "grandfather clock" which is still in good working order and majestically sitting on the wall. It was an interesting time for me as a young child, but not sure if my older siblings enjoyed it like the way I did. In ordinary time, especially at weekends, all the family, my parents, three brothers, sister and myself sat together in the veranda after evening prayers and used to sing hymns and songs while my father and brothers were playing the instruments. That was a very happy memory I still treasure. Those practices lasted until both my elder brother and sister had their first teaching appointments and moved out to rural services in 1968. If my father was doing a project locally, he used to come home for lunch. He had a Raleigh cycle which he used to cycle to work. After a shower he had lunch followed by a very short nap. One such occasion, (I was about six or seven years old) while he was having a nap, without double checking I climbed on to a chair opened the lid of the sugar jar and carefully lowered the table spoon to scoop some sugar. Unfortunately I lost control and fell down with the big glass jar. He woke up and lost his temper and I had my fair share on that day. I can write a book about him, however, I am going to take a break here. I will continue later.

Tuesday, November 3, 2020

ගමන 4

ගමන 4


ඔන්න ඔහොම කාලෙක තමයි මම හෙමින් හෙමින් මේ ලෝකය හඳුනා ගන්නේ. පවුලෙ බාලය නිසා වෙන්න ඇති ඉතින් අම්මට ම ඇලිල තමයි ළදරු අවදිය ගෙවුනේ. අම්ම නැති වෙලාවක් ගැන මට හිතා ගන්නවත් බැහැ. කුඩා කාලෙ මම ඇඳුම් ‍අඳින්න කිසිම කැමැත්තක් දැක්වූයෙ නැහැ ගමනක් යනවිට හැරෙන්නට. ගෙදර ඉද්දි නම් ඇඳුමක් නැතිවම තමයි හිටියෙ. ඒක මට හරි පහසුයි. නාන්න එහෙම මාර බයයි. අම්මගෙ කිමෝනාවෙ එතිල තමයි හිටියෙ හැම විටම. අම්ම කුමන වැඩක යෙදිල හිටියත් මම එතන. නිදා ගත්තෙත් අම්ම ලඟමයි.

මං කුඩා කාලේ කන බොන වෙලාවල් ඇරුණම ගෙදර හැමදෙනාම එකතු වෙන තව වෙලාවක් තිබුන. ඒ තමයි හවසට යාඥා  කරන වෙලාව. බොහෝ විට හවස හය හමාර හත වෙනකොට වගේ ඒක ආරම්භ වෙනවා. ගෙයි මැද සාලයේ ලොකු රටා දාල වියපු පැදුර එලනවා. ගෙදර හැම දෙනාම එනව ඒ වෙලාවට. මොන වැඩක් තිබුනත් ඒව නවත්වල එන්න ඕන. බිත්තියේ ගහපු ලොකු වේදිකාවක් වගේ තැනක ජේසු තුමාගේ සුරුවම තියල තිබුන. තව දේව මෑණියන්ගේ සුරුවම.(මරිය තුමීගේ) දෙපසින් පිත්තල මල් පෝච්චි. පහතට වෙන්න කතිසල් දෙකක් ඉටි පන්දම් පත්තු කරන්න. පහතම තට්ටුවේ හරි මැද රතු පාට වීදුරු පොල්තෙල් පහන. ඒකෙ රන්වන් පාටින් කුරුසිය ගහල.

යාඥාව ආරම්භ වෙන්නේ කලින්ම මල් තියල පොල්තෙල් පහන දැල්වීමෙන්.  මුලින්ම කට්ටියම එකට ශාන්ත කුරුසිය අඳිනවා. දෙවනුම පරමණ්ඩල යාඥාව. ඊ ලඟට නමෝ මරිය තුනක්. පිතා පුත්‍රයා දාල කියන යාඥා දෙකක් තියනවා.  මාගේ දෙවියනි...... ඊ ලඟට පළමුවැනි අභිරහස. ඊ ලඟට පළමු වන කොන්ත පන්තිය.  හැම දෙනාටම කොන්තයක් තියනවා. ලොකු අම්මාගේ බර රීදී  කුරුසිය සහිත කලු ලොකු ඇට සහිත කොන්තය. තාත්තා ගෙත් එහෙමයි. ලොකු තාත්තා ගෙත් ඒවගෙයි. අම්මාටත් ගෙදර හැම දෙනාටමත් කොන්ත තියනවා. කොන්තයක් කැඩුනොත් එහෙම ඒව හදා ගන්නත් උපකරන වගේම අමතර කොන්ත ඇට සහ කම්බි කොකු වගේ අමතර කොටස් මේස ලාච්චුවක තිබුන.

කොන්ත පන්ති පහක් කියවල ඉවර උනාම අපි පොඩි අය ඒවා අරං පැදුරෙ වාඩිවෙලා විවිධ රටා හදනවා. ඒක එක්තරා විනෝදයක්.

ඒ අතර ලොකු අය තව දුරටත් යාඥා කරනවා. යාඥා නිධානය පොත බලාගෙන එක් අයෙක් ප්‍රාර්ථනාව කියවනවා. අනික් අය පිළිතුරු දෙනවා.  දන්තමය ගෝපුරෙනි.....අප නිසා යාඥා කළ මැනව......ආදී වශයෙන්. සේරම කරල යාඥා පොත හා කොන්ත මහත් භක්තියෙන් ඉඹල අරං තියනවා. කොන්තය නැත්නම් ජපමාලය දිනපතා කීමෙන් නිවසට හා පවුලට ආශීර්වාද ලැබෙනවා කියන අචල විශ්වාසය වැඩිහිටි කා තුලත් තිබුනා. අපිටත් ඉබේටම ඒ විශ්වාසයන් ඇති උනා. කිසිම ප්‍රශ්න කිරීමක් නැහැ. අවුරුදු පහලොවක් විතර යනකම් ඒ ගැන ප්‍රශ්න කලේම නැහැ.

රෑට කෑම කන්නෙ ඊට පස්සෙයි.

ඔය වෙලාව එනකොට ඉතින් හිටගෙන හිටියත් නින්ද යනවා. සමහර වෙලාවට යාඥා කරන පැදුරෙම නින්ද යනවා. කොහොමත් කෑම කන්නෙ නැතිව නිදා ගන්න දෙන්නේ නැහැ. කවුරු හරි කවනව. නිදා වැටි වැටි කනවා. ඒත් සමහර දවස් තියනවා කොහෙත්ම නිදි මත නැහැ. යාඥාව ඉවර වෙලත් සියලුම අය පැදුරෙම වාඩි වෙලා ඉන්නවා. වැඩිහිටියො විවිධ මාතෘකා කථා කරනවා.

කෑමෙන් පස්සෙ ඉතින් නිදා ගන්න තමයි තියෙන්නෙ.  පොඩිකාලෙ නිදා ගන්න කියල වෙනම ස්ථිර තැනක් තිබුනෙ නැහැ. පැදුරක හරි ඇඳක හරි ලොකු කෙනෙක් ලඟ තමයි. අඳුරට තියන සහජ බය නිසා නින්ද යන කං වත් ලොකු කෙනෙක් ඉන්න ඕනා.

පහු කාලෙක මං කල්පනා කරන්න ගත්ත ඒ ජීවන රටාව ගැන. ඒක එහෙම උනේ මං කුඩා කාලෙම මුහුණ දුන්නු ගැටුමක් නිසයි.


ඒකත් කියමුකො ඉතින්.


අපේ ගේ තිබුනේ කුඩා ඉඩමක. මම හිතන්නෙ ඉඩම හතරට බෙදුවොත් එක මුල්ලක. එක් පසකින් ගම්සභා පාර. ගුරු පාරක්. ඉඩම වටේටම කටු කම්බි වැට. එක මුල්ලක පාර අයිනේ ගේට්ටුව. දැන් වගේ මිනිහෙකුට වත් එන්න බැරි විදියට උස තාප්ප දාලා ලොකු ගේට්ටු දාන්නේ නැහැ. හරකෙක් ඇවිත් පොල් පැල හා අනික් එලවලු පැලයක් කයි කියල තමයි ආවරනය කරල තියෙන්නේ. අනික් පසින් ආච්චිගේ නිවස තිබුන ඉඩම. ආච්චි කියල අපි කිව්වේ අපේ අම්මගෙ පියාගේ නංගිටයි. අම්මගේ පියාට අපි කිව්වෙ ලොකු තාත්තා කියලයි. ලොකු අම්මත් ජීවත් උනේ අපි එක්කමයි. මේ ඉඩම අයිතිය තිබුනේ ලොකු තාත්තටයි මගෙ හිතේ. මට මතක කාලෙදි ලොකු තාත්ත වැඩ කළේ ඈත වත්තක. මැල් වත්ත  කියලයි අම්මල කියන්නෙ. හලාවත පුත්තලම පාරෙ මංගලඑලිය කියන ගමේ. ඒ ගමෙත් කතෝලික පල්ලියක් හා පාසලක් තිබුන. අපේ තාත්තා ගුරුවරයෙක් වෙලා මුල් කාලෙදි ඒ පාසලේ උගන්වන්න ගිහින් තියනවා. ඒ අතර තමයි අපේ අම්මව විවාහ කරගෙන තියෙන්නෙ. කවදා  කොයි කාලෙකදි මේ ගෙදර පදිංචියට ආවද දන්නේ නැහැ.  මුලින්ම අපේ අම්මට නිවුන් දරුවො ලැබිල තියනවා. ඒ දවස්වල දරුවො ලැබෙන්න ඉස්පිරිතාලෙ යන සිරිතක් නැහැ. ගෙදරම තමයි.  උදව්වට වින්නඹු අම්ම කෙනෙක් ව ගෙන්වා ගන්නවාලු.  කොහොමත් ඒ දෙන්නට ඒ තරම් දින ගණනක් ජීවත් වෙන්න වෙලා නැහැ. ඉපදිලා දින ගණනකින් මිය ගිහින්. ඔය සේරම ඉතින් මහ අය කථා කරන කොට අහගෙන ඉඳල තමයි දැන ගත්තේ.
මම දැනගන්න කාලෙදි තාත්තා වැඩ කළේ වලහපිටිය පාසලේ.
මට මතක කාළෙදි ලොකු අයිය ගෙදර හිටියෙ නැහැ.  එයා නැවතිලා ඉගෙන ගත්තේ මාරවිල පුංචිසෙමනේරියේ. ශාන්ත සේවියර් විදුහල.


Sunday, May 3, 2020

ගුරු පියවරු ගුරු මව්වරු ගැන ඔවුන්ගේම දරුවන්ගෙන් අහමු.



අපේ තාත්තා.


මේ ලෝකෙ මම දුටු සැහැල්ලුම මිනිසා
වසර සියයක් ජීවත් වූ වෘත්තියටම කැප වූ ගුරුපියා


වර්ණකුලසූරිය විලියම් ඇල්බට් ප්‍රනාන්දු.
මා දන්නා තරමින්ඉපදුනේ හලාවතට නුදුරු කන්ජුක්කුලිය ගමේ. පියා මට්ටකොටුවේ. මව මාතර හක්මන. ඒ දෙන්නා ගැන වෙනම ලියන්න ඕන. කොහොම හමුඋනාද කියල දෙයියො තමයි දන්නෙ.  අපේ තාත්තාට වැඩිමහල් සහෝදරයෙක්, බාල සහෝදරියක්, හා මල්ලිලා දෙන්නෙක් තමයි පවුලෙ ඉඳල තියෙන්නෙ. කියන හැටියට ඉගෙනගෙන තියෙන්නෙ ඉතා දුෂ්කරතා රාශියක් මැද. ගණිතයට වගේම සංගීතයටත් තව බොහෝ දේවල් වලටත් තාත්තාට සහජ හැකියාවන් පිහිටලා තිබුනා.

පාන්දර තුනට විතර නැගිටලා හලාවත සා. මරියා කොලීජියට තමයි ඇවිත් තියෙන්නේ පා ගමනින්ම. අද කාලෙනම් අපි හිතන්නෙවත් නැහැ එහෙම යන්නට.

මට මතක කාලෙ තාත්තා වැඩ කළේ හලා/වලහපිටිය රො. ක. පාසලේ. මුල් ගුරුවරයා ලෙස.
ඊට පෙර මංගලඑලිය, මුන්දලම, තල්ගහපිටිය, කැලේගම, ආදී පාසල් වලත් අවසාන පාසල ලෙස මැදගම අභය ප්‍රාථමික විදුහලේදී විශ්‍රාම ගන්නා තෙක් සේවය කරලා තියනවා.

තාත්තා උගන්වපු නැති විෂයයක් නැහැ. පල්ලියට විශේෂ ලැදියාවක් තිබුනා. ඒ සංගීතයට තිබුනු ලැදියාව නිසයි මං හිතන්නෙ.  හර්මෝනිය නැතිනම් ඕගනය හෝ සරපිනාව එහෙමත් නැත්නම් වයලීනය සමග ඹහු අනිවාර්යයෙන්ම කන්තාරු කණ්ඩායමේ හිටියා.
මුල්ම කාලේ ගුරු පඩිය රු විසිහතක් තියෙනකොට රු 490 කට රාමචන්ද්‍රන් වර්ගයේ සරපිනාවක් සහ වයලීනයක් මිලට අරං තිබුනා. අපිත් කුඩා කාලෙදිම සරපිනා වාදනයට හුරු උනා ඒ නිසා. එව තවමත් තියෙනවා මගේ සහෝදරයාගේ ගෙදර. එක් වරක් මට මතකයි කඩදාසි උරයක දා ගෙන කුඩු වෙලා ගිය වයලීන කැබලි වගයක් ගෙනල්ලා මහ පුදුම ඉවසීමකින් එහි කොටස් අලවා අඩුපාඩු කොටස් ලී කෑලි වලින් කපලා අලවලා ඒ වයලීනයත් හැදුවා. මහ විශ්ව කර්ම වැඩක්. කොහොම හරි වයලීන තුනක් තිබුනා.

ගොවිතැනටත්, වැවේ ගිහින් දැල් ගහල මාලු අල්ලන්ත්, හවස හය පහු වෙනකොට තුවක්කුවත් කර තියාගෙන වන රොදකට නැතිනම් වතුයායකට වදින්නත්, නොවරදින ඉලක්කයෙන් දඩයමත් සමග රෑ යාමේ ගෙදර එන්නත්, වඩුවැඩටත්, මේසන්වැඩටත්, චිත්‍රකර්මයටත්,  මූර්ති ශිල්පයටත්, හස්ත කර්මාන්තයටත්, විහිලු තහලු වලටත්, සත්ව පාලනයටත්, අංක ගණිතයටත් හැබෑ දක්සකමක් තිබුනේ.

තව ලියන්නම් කො අයියලා අක්කලාගෙනුත් අහල.

යටින් ලියන්න ඔයාලාගේ තාත්තලා ගැන.